සීනි සමාගමෙන් එන අතුරුපලයෙන් අඩු මිලට සුපිරි බෝතලයක් වෙලදපලට
මත්පැන් භාවිතය ගැන ගොඩක් වෙලාවට විවිධ කතා මැවෙනවා..
මේ කියන්න යන්නේ ඒ ගැන ඇසෙන අලුත්ම ආරංචියක්…
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මෑතකදී (03) ලංකා සිනී සමාගමට අයත් පැල්වත්ත හා සෙවනගල සිනී කර්මාන්තශාලා නිරීක්ෂණය කර තිබෙනවා…
මෙම කර්මාන්තශාලාවල මේ වන විටත් ඇති සංචාරක බංගලා යොදා ගනිමින් eco tourism ප්‍රවර්ධනය කිරීමටත්, දැනට ලංකාව තුල සිදුවන නීතිවිරෝධී මත්පැන් භාවිතයට අවම කිරීමට විසදුමක් ලෙස ලංකා සීනි සමාගමේ නිෂ්පාදනය වන සීනිවල ප්‍රධාන අතුරුඵලය වන එතනෝල් යොදාගනිමින් නිෂ්පාදනය කළ හැකි මිල අඩු ප්‍රමිතියෙන් ඉහළ මත්පැන් වෙළදපොලට හදුන්වා දීමටත්, කාබනික පොහොර නිෂ්පාදනය හා අපනයන වෙළඳපොළ ඉලක්ක කරගනිමින් කාබනික සීනි නිෂ්පාදනය කිරීම පිළිබඳවත් අමාත්‍යවරයා විසින් මෙහිදී සොයා බලා ඇති බවයි සඳහන් වන්නේ…
එමෙන්ම සීනි නිෂ්පාදනය බෙදහැරීම සදහා ක්‍රමවත් බෙදාහැරීමේ ජාලයක් ඇති කිරීමටත්, සේවකයන්ගේ ඵලදායීතාව වැඩි කිරීම සඳහා කාර්ය දර්ශක සකස් කිරීමටත්, ලංකා සිනී සමාගමේ කාලයක් තිස්සේ ගැටලුවක්ව පැවති සේවකයන්ගේ රක්ෂණ ගැටලුව කඩිනමින් විසඳා දීමටත්, ගොවීන්ට ජලය ලබාගැනීමේදි සිදුවන අපහසුතා අවමකිරීම සඳහා ඇල මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමට වාරිමාර්ග අමාත්‍යංශය හා එක්ව කඩිනම් පියවර ගැනීම පිළිබඳවත් මෙහිදී අවධානය යොමු කර තිබෙනවා..
මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම් ජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් අගලකඩ, පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවීර, ලංකා සීනි සමාගමේ සභාපති රුක්ෂාන් ගුණතිලක යන අය එක්ව සිටියා..
උපුටාගැනීම: හිරු ගොසිප්