වාහන ආනයනයේ අලුත්ම මිලවල් මෙන්න
පෙට්රල්වලින් ධාවනය කරන නව ත්රීරෝද රථයක් රුපියල් ලක්ෂ 20කට ආසන්න මුදලක් දක්වා මිල ඉහළ ගොස් තිබේ.
එන්ජින් ධාරිතාව සීසී 160 ක් වන යතුරුපැදියක් රුපියල් ලක්ෂ 10කට ආසන්න මුදලක් දක්වා මිල ඉහළ ගොස් තිබේ.
ශ්රී ලංකාවේ ත්රීරෝද රථ එකලස්කරන ප්රධානතම ආයතනය වන ඩේවිඩ් පීරිස් මෝටර් රථ සමාගමේ ‘බජාජ්’ නාමය යටතේ අළෙවි කරන එන්ජින් ධාරිතාව සීසී 236 ක් වන ත්රීරෝද රථයක් රුපියල් 1,995,000 කට මිලදීගත හැකි බව එම සමාගමේ නිල වෙබ් අඩවියේ සඳහන්ව තිබේ.
ඩේවිඩ් පීරිස් මෝටර් රථ සමාගමේ ‘බජාජ්’ පල්සර් එන්160 යතුරුපැදියක් රුපියල් 934,950 කට මිලදී ගතහැකි බව ද එම වෙබ් අඩවියේ සඳහන් වේ.
(යොහාන් භාසුර)
ලංකාදීප