සංජීව ඝාතනයට අත්තඩංගුවට ගත් පොලිස් නිලධාරියාගේ ගෙදර තිබී හමුවුන දේ
අධිකරණයේ අංක පහ අධිකරණ ශාලාව තුළදී පාතාල නායක ගනේ මුල්ලේ සංජීව නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අතුරුගිරිය පොලිසියේ කොස්තාපල්වරයාගේ නිවසේ සඟවා තිබූ ජීව උණ්ඩ කීපයක් සහ සුඛෝපභෝගී මෝටර් රථයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
බෝර 12 ගිනි අවිවලට භාවිතා කරන උණ්ඩ 7 ක්, එම් 16 වර්ගයේ අවි සඳහා භාවිතා කරන ජීව උණ්ඩ 01 ක් විද්‍යුත් තරාදියක් මෙන්ම සුඛෝපභෝගි මෝටර් රථයක්ද මෙලෙස පොලිස් භාරයට ගෙන ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් සදහන් කළා.
මෙම අපරාධය සම්බන්ධයෙන් මේ වන විට පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ඇතුළු අට දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලංකාදීප