සිසුන් තිදෙනෙකු ගිය යතුරුපැදියේ 16යේ සිසුවාට වේගය මරු කැදවයි
ජිවිතේ හරිම පුදුම දෙයක්…ඔහුට මොනතරම් සිහින බලාපොරොත්තු තියෙන්න ඇද්ද? ඒත් එකම එක අනපේක්ෂිත මොහොතක ඔහුට ජිවිත හැරදාලා යන්න සිදුවුණේ සරදමකට වගේ…
මේ කියන්න හදන්නේ ඒ දුක්බර කතාව…
ළමුන් තිදෙනෙකු ගමන්ගත් යතුරුපැදියක් අනතුරට පත්වීමෙන් එහි ගමන් ගත් අයෙකු ජීවිතක්ෂයට පත්ව සෙසු දෙදෙනා තුවාල ලබා තිබෙනවා.
මහනුවර, උඩතලවින්න මාර්ගයේ වත්තේගෙදර ප්රදේශයේදී අද (02) පෙරවරුවේ මේ අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
16 හැවිරිදි ළමුන් තිදෙනෙකු ගමන්ගත් යතුරු පැදියේ වේගය පාලනය කරගැනීමට නොහැකිව අනතුර සිදුව ඇති බවයි පැවසෙන්නේ.
මෙසේ මියගොස් ඇත්තේ උඩතලවින්න, වත්තේගෙදර, පදිංචි එම්. එස්. රස්කාන් නැමති අයෙක්.
ඔහුගේ දේහය කටුගස්තොට ප්රාදේශිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කොට තිබෙනවා.
ළමුන් තිදෙනා සමග වේගයෙන් ගමන්ගත් යතුරු පැදිය මාර්ගයේ වම්පස බැම්මක වැඳී පෙරළී තිබෙනවා.
පසුව දකුණු පස කාණුවක් අසල නැවතී ඇති අතර මහමඟ තැන තැන වැටී සිටි ළමුන් තිදෙනා ප්රදේශවාසීන් එක්ව කටුගස්තොට ප්රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරීමටයි පියවර ගෙන තිබුණේ.
නමුත් රෝහලට ඇතුලත් කරනවිටත් ඉන් එක් අයෙකු මියගොස් සිටි බවත් බරපතල තත්ත්වයේ පසුවූ එම්. ඒ. අබ්දුල්ලා නැමති ළමයා වැඩිදුර ප්රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අනෙක් තුවාලකරු කටුගස්තොට රෝහලේ ප්රතිකාර ලබන බවයි කටුගස්තොට රෝහලේ ප්රකාශකයෙකු පැවසුවේ.
වත්තේගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
හිරු ගොසිප්