රටම හොයන ඉෂාරා ගැන ලැබුන අලුත්ම ආරංචිය
පාතාල කල්ලි නායක ගණේමුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ මහ මොළකාරිය ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දි පිටුපස පාතාල කල්ලි නායකයින් රැසක් සිටින බවට සිදු කරන ලද විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.
මේවන විට ගනේමුල්ලේ සංජීවගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගැණුනද එහි මහ මොළකාරිය වන 25 හැවිරිදි ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය තවමත් අත්අඩංගුවට ගැනීමට හැකිව නැහැ.
ඒ අනුව පොලිස් කණ්ඩායම් රැසක්ම ඇය සොයා විමර්ශන තවත් තීව්ර කර තිබෙනවා.
එවැනි පසුබිමක් තුළ ඇය මුහුදු මාර්ගය ඔස්සේ බෝට්ටුවකින් පලා ගොස් ඇති බවට වූ තොරතුරක් මත පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවටයි වාර්තා වන්නේ.
හිරුගොසිප්