දුවගේ පෙමට තිත තබන්න ගිය මවට පියාට දුව තරු පෙන්නයි
තමන්ගේ දුවගේ ප්‍රේම සම්බන්ධය නතර කරන්න ගිය දෙමව්පියන්ට සිදුවුණු දෙයක් ගැනයි මේ කතාව…
ඇගේ නම අනූ … ඇය තමන් වැඩ කරන පෞද්ගලික ආයතනයේම සේවය කරන පිරිමි ළමයෙක් සමඟ හාදකමක් පටන් ගත්තා… ඔහු සමීර …
සමීර ප්‍රවාහන අංශයේ රියැදුරකු වශයෙන් සේවය කළා …
අනූ සේවයට යාමට හා ඒමට ප්‍රවාහන පහසුකම් සැපයෙන වෑන් රථය පදවනු ලැබුවේ සමීර …
කාලයක් යද්දී මේ ආදර කතාව රහසක් වුණේ නැහැ…
සමීර අන් අයගේ උසුළු විසුළු මැද වුවද තම රියැදුරු අසුන ළඟ අසුන උදේ හවා සිය පෙම්වතිය වුණු අනූ වෙනුවෙන්ම වෙන්කර තැබීමට තරම් කාරුණික වුණා…
දියණියගේ මෙම ආදර කතාව කනින් කොනින් මුලින් ඇගේ මවට ආරංචි වුණා…
මව වැඩි කලබලයක් නොකර එය තහවුරුකර ගන්න උදේ හවා අනූ ගැන හොයන්න උපාය දූතිකාවක් පවා යෙදවීමට පවා පියවර ගෙන තිබුණා…
දියණිය ගැන කනින් කොනින් ඇසෙන කතා සත්‍ය බව දැනගත් මව ඒ බව සුළු ව්‍යාපාරිකයෙකු වූ සිය සැමියාටද පවසා සිටියා…
අනූගේ වයසත් හරි නිසා දෙමව්පියෝ හිතුවා ගැළපෙන කටයුත්තක්නම් මේ දේ කරලා දෙනවා කියලා.. ඒත් සොයා බැලුවට පස්සේ නිර්ණායකවලට අනුව කිසිසේත්ම තම දියණියට ගැළපෙන අයකු නොවන බවට තහවුරු වුණා… ඔය දෙම්වපියෝ බලන දේවල් තියෙනවානේ.. අනූගේ දෙමව්පියන්ට අනුව සමීරව එයාලගේ පවුලට ගැළපුනේ නැහැ…
ඒ හින්දා තරුණයාත් දියණියත් අතර පවතින සම්බන්ධතාවය කෙසේ හෝ නැවැත්වීමට ඔහු හිතා ගත්තා…
තමන් මේ සම්බන්ධයට කොහොමවත්ම කැමති නැති බව බිරියගේ මාරගයෙන් දුවට දැනුම් දුන්නා…
නමුත් තාවකාලිකව යටගොස් මිසක නැවතී නැතිබව ඒ පිළිබඳව විමසිල්ලෙන් සිටි ඔහුන්ට පසුව දැනගන්නට ලැබුණා…
තව දුරටත් මේක ඇද ඇද ඉන්න එකේ තේරුමක් නෑ කියලා හිතපු තරුණියගේ පියා දිනක් මේ පිළිබඳව අදාළ තරුණයා හමුවී කෙළින්ම සිය අකමැත්ත ප්‍රකාශ කිරීමට තීරණය කළා…
” ආයේ මට කියන්න තියන්න එපා… මගේ අනූ එක්ක තියෙන කතාව නතර කරපන්… ”
තරුණයා හමුවූ අනූගේ පියා තම දියණිය සමග පවත්වන ආදර සම්බන්ධය නවත්වන ලෙසට සමීරගෙන් දැඩි ලෙස ඉල්ලීමක් කළා…
ඊට බොහෝ සාමකාමීව ඇහුම්කම්දී නිහඬවම එම ස්ථානයෙන් පිටවී යාමට පෙම්වත් තරුණයා එහිදී පියවර ගත්තා.
මෙසේ මාස දෙක තුනක් ගතවී ඇති අතර ඒ අතර කාලය තුළ පෙම් යුවළ වෙන්වී ඇති බවක් අන් අයට පෙනෙන්නට තිබුණා…
වෙනකක් තබා තරුණයා තමන් පැදවූ වාහනය වෙනුවට එම ආයතනයේම වෙනත් ගමන් මාර්ගයක සේවක සේවිකාවන් ප්‍රවාහනය කරන වෑන් රථයක සේවයට මාරුවන තරමටම සිද්ධිය වෙනස් වෙලයි තිබ්බේ…
ඒ අනුව සතුටුව සිටි තරුණියගේ මවුපියන්ට දිනක් ඉහමොළ රත්වන සිදුවීමක් වුවද එය ඉවසා දරාගෙන සිය දියණියට පමණක් නොව ඇගේ පෙම්වතා වූ සමීරටත් ආශීර්වාදකර ගෙට ගැනීමට සිදුවුණා… ගෙදර අයට තරු පෙනුණා…
හරිම වැඩක් තමයි වුණේ… ඒ මොකද ඒ වෙද්දී අනූයි සමීරයි නීතියෙන් බැඳිලා..
ඉතිං අපි බැන්දා… අනූ අම්මාගේ කකුල් දෙක අල්ලලා වැඳලා කිව්වා…
ඒ දෙන්නා සිය කැමැත්තට විවාහ වී ඒ බව දන්වා මව්පිය ආශීර්වාද ලබා ගන්න තමයි ඇවිත් තිබුණේ…