මම කැමතියි මේ ලයිෆ් එකට.. නටාශා මගේ ඇස් දිහා බලාගෙන කිව්වා.
පොතට විස්තර ටිකක්.. ඒ නිසයි ගොඩක් අමාරුවෙන් මම මේ කෙල්ලව මීට් වුණේ . ඒ ලොකු ගාණක් දෙන්න පොරොන්දු වෙලා.
කෙල්ල ගල්කිස්සට ආවා කියපු වෙලාවටම .
මම බස් හෝල්ට් එක ගාවින් එයාව කාර් එකට නග්ග ගත්තා.
එයාගේ නම නටාශා. එක ඇත්ත නම නෙමෙයි.. ෆීලඩ් එකේ එකේ එයාට කියපු නම, එයාගේ ඇත්ත නම කොයිම වෙලාවකවත් එයා කිව්වේ නැහැ.
එයාගේ ඇඳුම් චුට්ටක්වත් සංවර වුණේ නැහැ.
හීනි පටි තියෙන කොටම කොට ගවුමක් තමයි ඇඳලා හිටියේ.
බෙල්ලෙ නටාශා කියලා ටැටූ එකක් තිබ්බා.
බැලූ බැල්මට බැල්මට කෙල්ලව සුද්දියෙක් වගේ තමයි පෙනුණේ.
නටාශා වැඩ කළේ බම්බලපිටියෙ ක්ලබ් එකක… කල්බ් ඩාන්ස කෙනෙක් විදියට වැඩ කළා වගේම තව රස්සාවක් එයාට තිබුණා. මොකද්ද කියලා තේරෙනවානේ…
එයා කාර් එකට නැගපු ගමන් සිගරැට් එකක් බොන්න පටන් ගත්තා.
ඇයි ඔයා වගේ ලස්සන ළමයෙක් මේ වගේ රස්සාවක් තෝරගත්තේ?
එයා මගේ දිහා බැලුවා. ඒ ඇස් අස්සේ නොකියපු කතාවක් තිබුණා.
මට ඕනි වුණේ ඒ කතාව එළියට ගන්න … ඒත් මම බලාපොරොත්තු වුණා වගේ කතාවක් එතන තිබුණේ නැහැ.
එයා මේ ජොබ් එක කරන්නේ කැමත්තෙන්.. පුදුමයි නේද ? මේ කතාව අවසානයේදී ඔයාටත් එහෙම හිතෙයි…
මගේ හිත හරිම නොඉවසිල්ලෙන්. මම එයා දිහා බැලුවා.
කෙල්ල දැක්කහම ආසාවක් ඇති නොවුන නෙමෙයි.
මොකද අපි රහත් වෙලා නෑනේ.
ඒත් මගේ අරමුණ වුණේ වෙන එකක්.
මට ඕන වුනේ එච්චර ලස්සන කෙල්ලෙක් ඇයි මේ වගේ ෆිල්ඩ් එකකට ආවේ කියලා දැනගන්න.
මම ලියන පොතට මේ කතාව හරිම වටිනවා.
නතාෂ කතා කරන්න පටන් ගත්තා එයාගේ වචන වලින්ම මම ලියන්නම්.
මට ඕනි උනේ මොඩ්ල කෙනෙක් වෙන්න.
මම ගෙදරින් හිතුවක්කාරයට ආවා .
කොළඹදී මට ඕන ජීවිතය හොයාගන්න.
පොඩි පොඩි රස්සාවල් කළා. ඔය අතරේ පත්තරේ දැක්කා මොඩ්ලිං වලට කට්ටිය ගන්නවා කියලා.
ඒ දවසේ මමත් ගියා..
මට මිස්ට සෑම්ව හම්බුනේ එතෙන්දි,
එයා දැක්ක ගමන් මට කැමති වුණා.
කතා කරන ගමන් මගේ බෙල්ල මගේ මූණ අත ගෑවා…
එයා ෆීල්ඩ් එකට අරන් එන හැමෝම යූස් කරනවා.
එයා මාවත් එහෙම එක් කරගෙන ගියා.
මටත් ෆිල්ඩ් එකට එන්න ඕනකම තිබ්බා හැමදේටම වැඩිය…
කෙල්ලෙ උඹ මාර ලස්සනයි… නියමෙට සල්ලි හොයන්න පුලුවන් …
කොළඹ හතේ සුපිරි ක්ලබ් එකකට ඉස්සෙල්ලාම මම ආවේ මිස්ට සෑම් එක්ක.
මම ගොඩක් නරක දේවල් පාවිච්චි කරන්න පුරුදු වුණා.
මේවට සල්ලි ඕනේ.
මිස්ට සෑම් මට පාරක් පෙන්නුවා.
නාකි මිනිස්සු ඉන්නවා . සෑහෙන්න සල්ලි තියෙන .
උන් මං වගේ තරුණ කෙල්ලො වෙනුවෙන් ඕනි තරම් සල්ලි වියදම් කරනවා.
මට ඕනි සල්ලි. ඔයාට හිතාගන්නවත් බැරි ගානක් මම මාසෙකට හොයනවා.
නටාශා තව සිගරැට් එකක් පත්තු කර ගත්තා…
ඒකි හරි පුරුදුකාරියක් මට එහෙම හිතුණා..
මම කැමතියි මේ ලයිෆ් එකට.. නටාශා මගේ ඇස් දිහා බලාගෙන කිව්වා.
උපුටාගැනීම: හිරුගොසිප්