යාලුවාගේ මගුලට යනවා කියා තව විවාහයක් කරගන්න ගිය කොලඹ විධායක අනංගයාට වැඩ වරදී
තමන්ගේ විවාහක බිරිඳ රවටා තවත් ධනවත් තරුණියක්ව විවාහ කරගෙන මධුසමය ගතකරමින් සිටි සමාගම් විධායක නිලධාරියෙකු ගැනයි මේ කතාව.
කොළඹ පුද්ගලික සමාගමක සේවය කරන මෙම විධායක නිලධාරියා නුගේගොඩ ආසන්නයේ සුපිරි දෙමහල් නිවසක පදිංචිව සිටින අයෙකුටයි.
ඔහුට වසය අවුරුදු 10 හා 4 දරුවන් දෙදෙනෙකුද සිටී. බිරිඳ රෝහලක සේවය කරයි. මොහු දින තුකට පමණ පෙර හැඩ වැඩට ලෑස්ති වී ටයි කෝට් දමාගෙන නිවසින් පිටත්ව ඇත්තේ මිතුරෙකුගේ මංගල උත්සවයකට සහභාගී වන්නට යනබව බිරිඳට පවසමින්ය.
‘‘මම දුර පළාතක වෙඩින් එකකට යනවා එන්න වෙන්නේ දවස් 2-3කින්‘‘ ඒ ඔහු බිරිඳට කියූ දෙයයි.
මෙලෙස නිවසින් පිටත්ව ගිය නිලධාරියා සැබැවින්ම ගොස් ඇත්තේ ඔහු හාද කරගත් අලුත් බිරිද සමඟ විවාහවීමටයි. කොළඹ ප්රසිද්ධ හෝටලයක පැවැත්වුණු මෙම විවාහ උත්සවයේ මනමාලිය කෝටිපති ව්යාපාරික පවුලක ඉපදුණු 24 හැවිරිදි රූමත් තරුණියකි.
නෑදෑ හිතවතුන්ට මෙන්ම මිතුර මිතුරියන්ටද ආරාධනා කර තිබූ මෙම විවාහයට බලාපොරොත්තු පොදු බැඳගෙන රූමත් තරුණියද ගියේ අනාගතය ඔහු සමඟින් ගත කරන බවට සිතාගෙනයි. කෙසේ නමුත් සිදුව ඇත්තේ නොසිතූ දෙයකි.
මිතුර මිතුරියට තමන්ගේ සැමියා හඳුන්වාදෙන අතර එකවරම ඔහු දැක පුරුදු අයෙකු හෝටලයේ සිට ඇත.ඒ ඔහුගේ කලින් බිරිඳ හොඳින්ම හඳුනන යෙහෙළියකුයි. මෙය දුටු ඇය කරකියාගන්නට නොහැකිව මදක් කල්පනා කරන්නට වී ඇත.
කිසිවක් නොදැන නිවසේ දරුවන් බලාගෙන සිටින බිරිඳට මේ ගැන දැනුවත් කිරීම කළ යුතු බවට සිතමින් ඇය දුරකතන ඇමතුමක් ගෙන ඇයට සිද්ධිය පවසා ඇත. ඒ සැමියා වෙන තරුණියක විවාහ කරගෙන මධුසමය ගතකරන්නට හෝටලයකට ගියබවයි.
මේ ගැන විශ්වාස කරන්නට ඇය මැලි වුනත් පසුව යෙහෙළියගේ කීමට සිද්ධිය ගැන සොයන්නට ඇය සිතා ඇත.
පසුව මෙම යුවළ මධුසමය ගත කරන හෝටලය ගැන තොරතුර සොයාගෙන මහ රෑම බිරිඳ හා තවත් ඥාතීන් කිහිපදෙනෙකු සමඟින් හෝටලයට කඩාවැදී යුවළ සිටි කාමරයටම ගොස් ඇත.
නිලධාරියාට උත්තර නැතිවිය. අලුත් බිරිඳට වෙන්නේ කුමක්දැයි සිතාගත නොහැකි විය. සිද්ධිය ගැන ඇයට පැවසූ විට ඇය හඬාවැටෙන්නට වී ඇත්තේ තමන් රැවටී ඇති බවට සිතුණු නිසාවෙනි. ඔහු හොඳටම රඟපා තමන් රවට්ටාගත් බව ඇය සිතන්නට විය.
පසුව සියල්ල අනාවරණය විය. දෙදෙනා හමුවී ඇත්තේ දුරකථනය මඟින් රාජකාරි කටයුත්තකදීය. ඔහු තරුණියගේ නිවසට නිතර ගොස් තිබේ. දිනක් මව යැයි කියාගත් කාන්තාවක්ද ඇයගේ නිවසට එක්කරගෙන ගිය ඔහු පවසා ඇත්තේ පියා මියගොස් ඇති බවයි. සැබැවින්ම ඔහුගේ පියා මියගොස් නැත. මව කියමින් රැගෙන ගොස් ඇත්තේද වෙනත් කාන්තාවකි.
විධායක නිලධාරියා මනාලියට පැළඳූ මුද්ද පවා රන් යයි කියා රවටන ලද ඉමිටේෂන් වර්ගයේ එකක් බව පසුව අනාවරණය කර ගැනීමට හැකිව ඇත. මෙම මංගල උත්සවයේ සියලූම වියදම් දරා ඇත්තේද කෝටිපති පවුල විසිනුයි.