වීඩියෝවක් බලා මදන මෝදක කෑ දරුවාට අත්වුනු අවාසනාවන්ත ඉරනම
නුවරඑලිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 18 පමණ වයසැති තරුණයෙක් සමාජ මාධ්‍යක මදන මෝදක ගුලි සහ තවත් ද්‍රව්‍ය කිහිපයක් එකතුකරගෙන පානයක් ලෙස සකස් කර පානය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් නරඹා ඇති අතර,
එම වීඩියෝව ප්‍රායෝගිකව සිදු කිරීමට තීරණය කර එම ගුලි පානය කිරිමෙන් පසු එම තරුණයා අධික ලෙස මත් විමෙන් පසු එම තරුණයාගේ දෙමව්පියන් විසින් ඔහුව රෝහල්ගත කර ඇති බව මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා සදහන් කරයි.
සමාජ මාධ්‍යවල පවතින මෙවැනි වීඩියෝ දර්ශන නරඹා එය ප්‍රායෝගිකව සිදු කිරිම අවධානම් බවත්, එවැනි ක්‍රියා සිදු කිරිමට යෑමෙන් වළකින ලෙස මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා තරුණ පිරිසගෙන් ඉල්ලා සිටියි.
උපුටාගැනීම: ගගන