නීතිය හැමෝටම එකයි, දූශිතයන්ට දැඩි දඩුවම් දෙනවා
නීතිය සියලු පුරවැසියන්ට එක ලෙස බලපාන බවත්, දූෂණ ක්රියාවලට වැරදිකරුවන් වන ඕනෑම අයෙකුට දැඩි දඬුවම් දෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (අගෝස්තු 26) කොළඹ පැවති උත්සවයකදී යළි අවධාරණය කළේය.
නව නීති සම්පාදනය කිරීමෙන් පසු ලබන සැප්තැම්බර් මාසයේ සිට හිටපු ජනාධිපතිවරුන්ට රජයෙන් ලබා දී ඇති සියලුම නිල නිවාස ආපසු ගැනීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා එහිදී ප්රකාශ කළේය.
මෙම පියවර වගවීම සහ යුක්තිය තහවුරු කිරීමේ පුළුල් වැඩසටහනක කොටසක් බවත්, තම පාලනය යටතේ කිසිදු පුද්ගලයෙකු නීතියට ඉහළින් නොසිටින බවත් ඔහු පැවසීය.
උපුටාගැනීම: ඉරි