මගුලට ආ සීයාට වැඩි වී දත් කුට්ටම හෝටලේ දමා ගොස් සිදුවූ විපත
මංගල උත්සවයකට සහභාගී වී නිවසට පැමිණි පුද්ගලයකු, ඔහුගේ බොරු දත් කුට්ටම සොයා පසුදින මෙහෙයුමක් සිදුකළ පුවතක් පසුගියදා කොළඹට නුදුරු ප්රදේශයකින් අසන්නට ලැබුණා …
සිද්ධිය මෙන්න මෙහමයි …
පෞද්ගලික ආයතනයක සේවය කරන ඔහු එම ආයතනයේ මිතුරකුගේ මංගල උත්සවයකට සහභාගි වීම සඳහා යාබද ගමේ තිබුණු හෝටලයකට ගිහින් …
එම හෝටලයට ළඟා වන විට රාත්රි හත පසුවී තිබුණා. ඒ වන විටත් පැමිණි මිතුරෝ මදුවිත පානය කරමින් සිටියලු. මොහුද එයට එක් වුණා …
කාලය කෙමෙන් කෙමෙන් ගත වුණා …
තමන්ගේ තරමට මදුවිත සප්පායම් වී බොහෝ දෙනකු රාත්රි භෝජන ලබාගෙන ඉන් පිටත්ව යන අයුරු දක්නට ලැබුණු නමුත් මදු විතට ලොල්වූ අය එහි රැඳී සිටිනු දක්නට ලැබුණා. මෙම පුද්ගලයාද එහා මෙහා ඇවිද යමින් සිටින අයුරු දක්නට ලැබුණා …
ටික වේලාවකින් ඔහු හෝටලයේ නොසිටි බැවින් මංගල උත්සවය සංවිධානය කළ තැනැත්තා විසින් ඔහු ගැන සොයන්නට වුණා …
ටික වෙලාවකින් දැනගන්නට ලැබුණේ ඔහු හෝටලයේ මල් ගස් යට වැතිරී සිටින බවයි. කීප දෙනකු එකතු වී ඔහු කෙළින් කිරීමට බැලූ නමුත් එසේ කළ නොහැකි හෙයින් ඔහු කරතබාගෙන මෝටර් රථයක දමා නිවසට පිටත් කළා .
පසුදින උදෑසන ඔහු අවදි වී වතුර වීදුරුවක් බීමට ගිය අවස්ථාවේදී එහි ඔහුගේ මිනිපිරියක්, දැක සීයගේ මූණේ වෙනසක් තියෙනවා යැයි පැවසීමත් සමඟ මොහු කාමරයට දිව ගොස් ඇඳුමක් දාගෙන හනික පිටව ගිහින්…
පෙර දින මංගල උත්සවය පැවති හෝටලයට ගිය ඔහු වේටර්වරයෙකු හමුවෙලා.
මල්ලි කාටවත් කියන්න එපා.ඊයෙ රෑ මගේ දත් කුට්ටම වැටිලා තිබුන දැක්කා දැයි අහලා ..
සර් නේද ඊයෙ රෑ අර ගහ යට නිදාගෙන හිටියේ.
ඔහු එය ඇසූ විගස වහා ගස යටට ගොස් සිය දත් කුට්ටම සොයන්න පටන් අරගෙන …
පෙරදින කෙනකු වමනය කර ඇති බව දුටු ඔහු , ඒ අසලින් කෝටු කෑලි දෙකක් සොයාගෙන, වමනය ඒ මේ අත පෙරළන්නට වුණාලු.
එවිටම දත් කුට්ටම මතු වෙලා. කාටත් හොරා එය කොළයක ඔතා සාක්කුවේ දමාගත් ඔහු නිවසට ගොස් සෝදා වියළා කටේ දමා ගන්නා අයුරු දක්නට ලැබුණා…
දෙයියෝ සාක්කි