ගෙදරට පැන කාන්තා ඇදුම් ඉස්සුව දකුනේ හොරාට ඉගැන්වූ අමතක නොවෙන පාඩම
නිවෙසකට ඇතුළු වී කාන්තා ඇඳුම් කීපයක් රැගෙන ගිය පුද්ගලයකුට ගම්වැසියන් අපූරු දඬුවමක් ලබාදී ඇති පුවතක් ගැන දකුණු පළාතේ ගමකින් පසුගියදා වාර්තා වුණා…
නිවෙස් හිමියා ගමෙන් පිට ප්රදේශයක රැකියාවකයි. ඔහුගේ බිරිය, වැඩිමල් දියණිය සහ පුතෙක් නිවෙසේ වුණා.
මව දරු දෙදෙනා යතුරු පැදියෙන් පාසලට සහ උපකාරක පන්ති සඳහා රැගෙන ගියා …
පසුගිය දිනක සවස් කාලයේ මව දරු දෙදෙනාත් සමඟ උපකාරක පන්තියකට පිටත් වී ගිහින් තිබුණා… ඒ අතරතුරදී කොට කලිසමකින් හා ටී ෂර්ටයකින් සැරසුණු පුද්ගලයකු පාපැදියකින් පැමිණ ගේට්ටුවක් නැති මෙම ගෙවත්තට ඇතුළු වී නිවෙසේ ඉදිරිපස වැරැන්ඩාවේ වැලක වනා තිබුණු කාන්තා යට ඇඳුම් කීපයක් හංගාගෙන පිටවී ගොස් තිබුණා…
ගෙහිමියා නිවෙසට පැමිණියාට පසු ඇඳුම් අතුරුදන්වීමේ සිද්ධිය දැනගෙන ආරක්ෂිත කැමරාවේ දර්ශන විමර්ශනය කර තිබුණා. එහිදී දැක ඇත්තේ පසුගියදා පැවති සමුපකාර ඡන්දයට ද ඉදිරිපත් වූ පුද්ගලයකු මෙය කර ඇති බවයි.
අසල්වැසි මිතුරන් කීප දෙනෙකුට ද සිද්ධිය පවසා ඇති ඔහු ඒ පිළිබඳව ගතයුතු ක්රියාමාර්ග ද සාකච්ඡා කර තිබුණා. එහිදී මිතුරන්ගේ උපදෙස් පරිදි ආරක්ෂිත කැමරා දර්ශන ජංගම දුරකතනයෙන් නැරඹීමට හැකි පරිදි නව පද්ධතියක්ද එකතු කරගෙන තිබුණා.
පසුගිය දිනෙක සවස් කාලයේ නැවතත් අර පුද්ගලයා මෙම නිවෙසට පැමිණියේය. පාපැදිය නවතා නිවසට ඇතුළු වී තමා ඇඳ සිටින ටී ෂර්ටය ගලවා ඉවත් කර වැලේ වනා තිබුණු දියණියගේ පාසල් නිල ඇඳුම ඇඳගෙන එය කලිසමට යට කර ඊට උඩින් තම ඇඳුම ඇඳගෙන පිටවී ගියේය. සිද්ධිය තම ජංගම දුරකතනයෙන් දකින නිවැසියා ඒ බව තම මිතුරන්ට හා අසල්වැසියන්ට දැනුම් දීමත් සමග ඔහු ගම්වැසියන්ට කොටු වුණා..
ගම්වාසීහු ඔහු අල්ලාගෙන උඩ ඇඳුම ගලවද්දී දැරියගේ පාසැල් නිල ඇඳුම මතුවී තිබුනා… පහරකෑමට ලක්වූ ඔහු එහි සිටි කීප දෙනකුගේ මැදිහත්වීමෙන් බේරාගෙන ඇති අතර යට ඇඳුම පිටින් දුව ගොස් යන්තම් පණ බේරාගැනීමට සමත් උණා… එම ස්ථානයේ දමා ගොස් තිබූ පාපැදිය ද පසුව වැඩිහිටියෙකු විසින් පහරකෑ පුද්ගලයාගේ ගෙවත්තට ගෙන ගොස් දමා ඇත. මෙම පුද්ගලයා මේ වනවිට ගමෙන් අතුරුදන් වී ඇතැයි ප්රදේශවාසීහු පවසනවා.
දෙයියෝ සාක්කි…