සම්බාහන තරුණියක් කී අමුතුම කතාව
මිනිසා කියන්නෙම රහසක්.
ඒ රහස් ගුහාවෙ කවුරුත් නොදන්න කතා අපි එක්කම ජීවිතය අවසානයේ නැති වෙලා යනවා.
සමහර රහස් තියෙනවා ඒ රහස් බෙදාගන්න වෙන්නෙ විශම ක්රමයකට.සමහරවිට සම්මතයෙන් පිට විශ්වාසවන්තයෙක් එක්ක,මේ ඒ වගේ කතාවක්..
චතුමි කියන්නේ ස්පා එකක වැඩ කරන තරුණියක්.
හැබැයි හැම කතාවකම වගේ එයා ඒ රස්සාවට ඇවිත් තියෙන්නේ කා අතින්වත් අසරන වෙලාවත්,අපි අහන දකින පොදු කතාවත් එක්ක නෙවෙයි.
ඔබට පුදුම හිතෙයි ඇය සම්බාහන ආයතනයක වැඩ කරන්න එන්නේ එහි වෙන සියල්ලක්ම දැනගෙන.
මම අයියේ මේ ජොබ් එකට එන්නේ හැමදේම දැනගෙන.
මම හැමදේම දැන ගත්තත් අපේ ගෙදර අය මේ සිද්ධියක් දන්නෙ නැහැ.
හැබැයි මම හොයන ගානත් එක්ක මම සෑහීමකට පත් වෙන නිසා මම මේ ජොබ් එක තෝරගත්තා.
මම හොඳට කාලා බීලා ගෙදරටත් සලකලා පාඩුවේ ජීවත් වෙනවා.
දන්නවද අයියා මම මේ සමාජය ගැන ඉගෙන ගත්තේ මෙතනින්..
මේක තමයි මගෙ ඉස්කෝලේ..
මෙතනට ලොකු ලොකු කම්පැනිවල ලොකු තැන ඉඳලා පොඩි මනුස්සයා වෙනකන් එනවා.
කාට හරි හිතට අපිව වැදුනොත් එයාලා කලින්ම අපිව තෝරගෙන එනවා,
ගොඩාක්ම එන්නෙ මැදි වයසෙ අය…
එහෙම අය ආවම අයියේ අපිටත් හොඳයි.
මොකද එයාලා ලෝභ නැහැ.
වියදම් කරනවා.
එයාලට හිතට වැදුනොත් වැඩිපුර කීයක් හරි අතේ තියලා යනවා.
හැබැයි මම කොයිම මොහොතකවත් කීයක් දෙනවා කිව්වත් කා එක්කවත් බුදියන්න යන්නෙ නැහැ.
මෙතනට විවිධාකාර මිනිස්සු එනවා.
වැඩිපුරම එන්නෙ බීලා.
එහෙම මිනිස්සු ආවම ඇත්තටම අපිට එපා වෙනවා අයියේ.
මොකද එයාලව කන්ට්රෝල් කරගන්නත් ඕනි,ඒ එන ගඳ ඉවසගන්නත් ඕනි,ඔය හැමදේම කාමරයක් අස්සෙ අපි කරන්න එපෑයැ.
එන මනුස්සය ඇඳුම් ගලවලා ඇඳෙන් නිදාගත්තට පස්සෙ ඒ මනුස්සයාට සහනයක් වෙන්න අපි හැමදේම කරනවා.
දන්නවද සමහරු වැඩිපුර කීයක් හරි දීලා අපිව මසාජ් කරන්න ඉල්ලනවා.
අපිත් එහෙම කරන්න දෙන්නෙ හොඳට දන්න සීමිත කස්ටර්මස්ලා ටිකකට විතරයි.
එයාලගෙ සතුට ඒක…මම දන්න සල්ලිකාර මහත්තයෙක් ඉන්නවා.
එයා මම හරි මගෙ යාලුව හරි තමයි තෝරගන්නේ.
ළමයි ඉන්න තාත්තෙක් එයා ආවම හැමදාම කරන්නේ මාව තුරුල් කරගෙන ඉන්න එක.
නියමිත වෙලාව ඉවර වෙනකන් එයා කරන්නෙ ඒක.
මම ඒකයි කිව්වෙ අයියේ මෙතනදි මුළු සමාජය ගැනම ඉගෙන ගන්න පුළුවන් කියලා.
දන්නවද මට හිතුනෙ එක දෙයයි.
ඕනිම මනුස්සයෙක් විව්ෘත වෙන්නෙ ඒ මනුස්සයට විශ්වාසවන්තම තැන.හැබැයි ඒ තැන විවිධාකාර වෙන්න පුළුවන්,
