පවුල් පිටින් පොලිසියට
යෞවන ආදරය කියන්නේ ඇත්තටම කෙනෙක්ගෙන් කෙනෙක්ට වෙනස් වෙන හැඟීමක්…
ආදරය විදින්න ආදරය විඳගන්න හොඳම වයස හරියටම මෙන්න මේකයි කියලා කියන බෑ..
ඒත් ඒ කාලය හරියට විඳින්න දන්නේ කීයෙන් කීදෙනෙක්ද…?
මේ කියන්න යන්නෙත් ඒ වගේ කතාවක්… පෙම් සුව විඳින්න පෙම්වතිය මත් කළ වයස අවුරුදු 22ක් වන තරුණයා ඇයව විවිධ ස්ථානවලට රැගෙන ගොස් හෙරොයින් පානය කිරීමට ලබා දී පසුව ලිංගික හිංසන සිදු කර තිබෙනවා…
මෙම තරුණයා 20 හැවරිදි මේ පෙම්වතියට අවස්ථා ගණනාවකදී හෙරොයින් මත්ද්‍රව්‍ය පානය කිරීමට ලබා දුන් බව පසුව ඇගේ දෙමව්පියන් කල ප්‍රශ්නකිරීම්වලදී කියා තිබෙනවා..
පසුව තරුණියගේ මව හා ඥාතීන් විසින් මේ පිළිබඳ වැලිපැන්න පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා….
කොහොම වුණත් පසුව පොලිස් පරීක්ශන වලදී අනාවරණ කරගෙන තිබෙන්නේ අදාළ තරුණයා දැඩි ලෙස මෙම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයෙක් බවයි…
කෙසේ වෙතත් පොලිසිය සඳහන් කර සිටියේ තරුණිය කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇය මත්ද්‍රව්‍යවලට තදින් ඇබ්බැහි වී ඇද්ද යන්න සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමට නියමිත බවයි…..
