50 පෙමව්තීගේ හදවතයි රත්රන් බඩුයි ගත් 28ටේ පෙම් කුරුල්ලා දැලේ
ආදරයට වයස් සීමා නෑනේ.
ඒ වගේම තමයි ඉතිං ආදරයයි වෛරයයි අතර තියෙන්නෙත් පුංචි සීමා ඉරක්.
මේ එහෙම කතාවක්. ආදරවන්තියගේ රන් භාන්ඩ සොරාගත් පෙම්වතෙක් ගැන කතාවක් අහන ලැබෙන්නෙ කැළනිය පොලීසියෙන්.
තම පනස් හැවිරිදි පෙම්වතියගේ රන් භාණ්ඩ සොරාගත් විසි අට හැවිරිදි පෙම්වතෙකු අත්අඩංගුවට අරගෙන තියෙන්නෙ කැළනිය පොලීසිය විසින්.
මූල්‍ය සමාගමක සහකාර කළමනාකරුවකු ලෙස සේවය කරන මේ පෙම්වතා සමග එම කාන්තාවට වසර ගණනාවක ප්‍රේම සම්බන්ධතාවයක් තිබී ඇති බවට විමර්ශනවලින් හෙලිවී තිබෙනවා.
පෙම්වතාට විවාහයක් කර ගැනීමට යෝජිතව තිබූ හෙයින් දෙදෙනා අතර ඒ සම්බන්ධව විරසකයක් ඇති වී තිබුනු බව හෙලි වී තිබෙනවා.
කෙසේ නමුත් පෙම්වතා පොලිස් අත්අඩංගුවට ගත්තද රන් භාණ්ඩ තවමත් සොයා ගැනීමට හැකි වී නැහැ.
