මුලින් මුලින් බිරිදට ශොට් එකක් දුන් සැමියා බිරිඳ මතෙන් මුදාගන්න පොලිසි යයි
සැමියා විසින් සිය බිරිඳට ඉගැන්වූ නරක පුරුද්දක් නිසා ඔහුම අමාරුවේ වැටුණු අයෙක් පිළිබඳවයි මේ කතාව.
ඔහු ගොඩක් මතට ලොල්වූ අයෙක්. ටිකෙන් ටික ඔහුටත් නොදැනීම තමන්ගේ බිරිඳත් ඒ තත්වයට පුරුදු වෙලා.
කලක් යද්දී බිරිඳත් මත්වතුර පානය කිරීම සඳහා ඇබ්බැහිවූ අතරම, දැන් අත්හරවා ගැනීමට නොහැකිවීම ඔහුට ගැටලුවක් වෙලා.
මේ හේතුවෙන් පසුව ඔහු සැමියා පොලිසියට පැමිණිල්ලක්ද කර තිබෙනවා.
මෙම කාන්තාව 31 හැවිරිදි අයෙක් වන අතර, ඇයට විරුද්ධවයි සැමියා මෙලෙස පැමිණිල්ලක් කර තිබුණේ.
ඔවුන් දෙදෙනා විවාහ වී තිබෙන්නේ මීට වසර 12ට පෙර ප්‍රේම සම්බන්ධයක් ඇතිකර ගැනීමෙන් බවත් මේ සිද්ධිය පිළිබඳ කරුණු විමසීමේදී අනාවරණය වී තිබෙනවා..
