එකම නම තිබ්බ නිසා අනුන්ගේ අනියම් සම්බන්දතාවය තමන්ගේ පිටින් ගිය සේවකයාට අත්වූ ඉරණම
ඇත්තටම මේ කතාවේ වැරදිකරු ඔහුද? අනියම් පෙමක් ගැන ඇසෙන ඒ ආරංචියක් නිසා ගමක් ගිනිගත් කතාවක් ගැනයි මේ කියන්න යන්නේ.
උප සභාපතිවරයාගේ නම තිබූ ආයතනයක සේවකයකුට අලි පරිප්පුවක් කන්න සිදු වූ අපූරු කතාවක් ගාලු දිසාවෙන් අසන්නට ලැබුණා.
ඔහු මේ ආයතනයේ අධ්යක්ෂ මණ්ඩලයේ උපසභාපතිවරයා ලෙස කටයුතු කළද වෙනත් ආයතනයක සේවකයෙක්.
එහි විධායක ශ්‍රේණියේ නිලධාරි ගෙයක්. ඔහු උපසභාපති ධුරය දරන ආයතනයේ සේවය කරන මේ සේවකයාට තිබුණේ උපසභාපතිවරයාගේ නමේ මුල් කොටසය. සැමදෙනාම පාවිච්චි කරනුයේ එම නමය. සේවකයා මේ සේවාවට අමතරව වෙනත් ප්‍රසිද්ධ කාර්යයක ද නිරතව සිටියා. මේ නිසා උපසභාපතිවරයාට වඩා රටේ තොටේ ජනතාව අතර වැඩි ප්‍රසිද්ධියක් තිබුණේ සේවකයාටයි.
එකම නම තිබූ මේ දෙදෙනම සුදුය. එක උසය. කඩවසම්ය. ඒ විතරක්ම නොවේ දෙදෙනාම විවාහකයෝය. දෙදෙනාගේම භාර්යාවෝ ගුරුවරියන් වුණා. කොටින්ම කියතොත් දෙදෙනාගේම නෝනලා මිස්ලා. මේ උප සභාපතිවරයා මෙන්ම සේවකයා තම තමන්ගේ රාජකාරි ස්ථානවලට දහවල් කෑම සඳහා ගෙන යනුයේ මිස්ලා නෝනලා වූ දෙදෙනා උයාපිහා දෙන කෑමය.
උප සභාපතිත්වය දරන ආයතනයේ සේවිකාවක සමග ඔහු ඇයි හොදැයියක් ඇතැයි කසු කුසුවක් ගොඩනැගෙමින් තිබුණේ මේ අතරය. එම කසු කුසුවට භාජනය වූ සේවිකාව වාසය කළේ අර සේවකයාගේ ගමේය. උපසභාපතිවරයාට මෙවැනි කසු කුසුවක් පැන නොනැග්ගේ මිනිහා ආයතනයේ හීන් මනමාලයකු වුවත් ගෙරිමස් කරේ එල්ලාගෙන නොකෑ නිසාය.
හිටි හැටියේම උපසභාපතිවරයා මෙන්ම අර සේවකයා සේවය කරන ප්‍රධාන කාර්යාලය ඇතුළු එම ආයතනයේ ග්‍රාමීය ශාඛාවල ද කැලෑ පත්තරයක් රාත්‍රී කාලයේ යමෙකු හෝ යම් පිරිසක් ගසා තිබිණ. එම කැලෑ පත්තරයක් සේවකයා පදිංචි ගමේ ග්‍රාමීය ශාඛාවකද ගසා තිබුණා. එහි තිබුණේ මිස් ගේ බත් බල්ලට, උප සභාපතිවරයා අනියම් සම්බන්ධයක් පවත්වාගෙන යනු ලබන කියන සේවිකාවගේ බත් අසවලාට යයි කියමින්ය.
එදා උදේ මෙය දුටු සේවකයාගේ ගමම ගිනි ගත්තේ ඊයක වේගයෙනි. සේවකයාගේ නිවසටද මේ ආරංචිය ගියා. සේවකයාගේ නෝනා වූ මිස්ට මෙන්ම ගමේ එකාලාටද මේ ආරංචිය කණ වැකුණේය.
එකම ගමේ එකම ආයතනයේ සේවය කරන සේවිකාවක හා එම සේවකයා අතර අනියම් සම්බන්ධයක් ඇතැයි ගමේ බොහෝ දෙනා කසු කුසු ගෑහ. ඔහු ගැන දන්නේ පිරිස් ද දුරකතන ඇමතුම් දී ඔහුගෙන් මේ සම්බන්ධයෙන් ඇසුවා. මෙයින් කරකියා ගන්න දෙයක් නොවූ එම සේවකයා දැඩි අසරණතාවයට පත් වූණා. ඔහු කරුණු කාරණා පැහැදිලි කර දෙන්නට උත්සහ ගත්ත ද පලක් නොවූවේ කටකතාව හරියටම ඒත්තු යන විදිහටම පත්තු වී ගිය නිසාය.
මෙහි සත්‍ය දැනගත් එම ආයතනයේ සේවක, සේවිකාවන් නිසා දින කිහිපයක් ඇතුළත එය නිවැරැදි වූවේ අර සේවකයාගේ නිවසට නැවතත් අරුණලු කැදවමින්ලා.
උපුටාගැනීම: හිරුගොසිප්
