ගෙදරට පැන්න හොරා බඩුත් එක්කම මෙහෙකාරියත් රැගෙන යයි
මේ නම් හරිම අපූරු කතාවක්.. නිවසට ආව හොරා ගිහින් තියෙන්නේ කා එක්කද කියලා බලන්නකෝ, මේ කතාව අන්න ඒ ගැනයි..
සංස්ථාවක හිටපු සාමාන්‍යාධිකාරිවරයකුගේ නිවෙසට පැන රුපියල් ලක්ෂ 32කට අධික රන් භාණ්ඩ ඇතුළු දේපල සොරාගත් අයකු එම නිවෙසේ මෙහෙකාරිය ද රැගෙන පලාගොස් ඇතැයි ඇහැලියගොඩ පොලිසිය පවසනවා.
මෙම සිද්ධිය සම්බන්ධනේ පොලිසියට පැමිණිල්ලක් කර තිබුණේ බෝගහවත්ත, ඇහැලියගොඩ පදිංචි මෙරට සංස්ථාවක හිටපු සාමාන්‍යාධිකාරිවරයෙක්.
නාඳුනන පුද්ගලයකු ඉකුත් 06 වැනිදා දහවල් පැමිණ තමන්ට පිහියක් පෙන්වා පහරදී නිවෙසේ තිබූ රුපියල් එක්ලක්ෂ අසුදහසක මුදලක් ද, රුපියල් ලක්ෂ විසිහයකට අධික වටිනාකමකින් යුත් රත්රන් පවුම් 08ක් මංකොල්ල කෑ බව පැමිණිලිකරු සිය පැමිණිල්ලෙන් දක්වා තිබූ බව පොලිසිය පැවසුවා.
එසේම පැමිණිලිකරුගේ නිවෙස ඉදිරිපිට නවතා තිබූ යතුරුපැදිය ද කොල්ලකා ඇති සැකකරු එම නිවෙසේ සිටි මෙහෙයකාරියව ද රැගෙන පලාගොස් තිබූ බවයි පොලිසිය සඳහන් කරන්නේ.
මෙම පලාගිය පුද්ගලයා පැමිණිලිකරුගේ රුපියල් තිස් දෙලක්ෂ අසූ දහසක වටිනාකමකින් යුත් දේපළක් ද සමඟ නිවෙසේ මෙහෙකාරියව ද යතුරුපැදියේ නංවාගෙන පලා ගොස් තිබූ බවයි පොලිසිය පැවසුවේ.
ඇහැලියගොඩ පෙලිසියේ ස්ථානාධිපිතවරයා ඇතුළු නිලධාරින් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා.
උපුටාගැනීම: හිරුගොසිප්
