මවගේ අනියම් පෙමෙන් දුවත් පියත් නොඑන ගමන් යන්නම ගිය කතාව
ඕනෑම පවුලක ආදරය කියන දේ තියෙනවා නම් ඒ පවුල කවමදාකවත් වෙන් වෙන්නේ නෑ. එකමුතුකම වගේම විශ්වාසය කියන දේත් ඒ පවුල ඇතුළේ තියෙනවා කියන්නේ හැමදාමත් ඒ පවුල එකටම ඉන්නවා .
මේ කියන්න යන්නේ තමන්ගේ ස්වාමියා ඉන්න කොට තවත් පිරිමියෙක් එක්ක පවුල් කන්න ගිහින් වෙච්ච සිදුවීමක් ගැන.
කාලයක් තමන් එක්ක ආදරයෙන් හිටපු බිරිද එක පාරම ගෙදර නැති වෙනවා. ආදරණිය සැමියා ගෙදර එනකොට තමන්ගේ දියණිය විතරයි ගෙදර ඉදලා තියෙන්නේ. සැමියා විසින් තමන්ගේ බිරිඳ අතුරුදන්ව ඇති බවට පොලීසියට පැමිණිල්ලක් සිදු කරලා තියෙනවා. හැබැයි පොලීසිය ගෙදරට යන වෙලාවේ දැක ගන්න පුළුවන් වෙලා තියෙන්නේ ඇස් වලට කදුළු එන විදියේ දර්ශනයක් .
පොලිසිය ගෙදරට යනකොට දියණිය සහ පියා සියදිවි නසා ගෙන තියෙනවා. සඳහන් වෙන ආකාරයට නම් ඔහු සිය දියණිය අවන්හලකට රැගෙන ගොස් ඇය ප්‍රිය කරන ආහාර ද ඇයට රැගෙන දී ඇති අතර ඇය එම ආහාර අනුභව කිරීමෙන් පසුව වාහනය තුළදීම ගෙල සිර කර මරා දමා තිබෙනවා .
පසුව ඔහු ද ඒ ආසන්නයේ ගසක ගෙළ වැළලාගෙන සිය දිවි හානිකරගෙන තිබෙනවා. ඇත්තටම කිව්වොත් මේ බිරිද වෙනත් පිරිමියෙක් එක්ක පැනලා ගිහින්.
අදාළ කාන්තාව නිවසින් පිටව යාමට පෙර සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ ” මට ඔයත් එක්ක ජිවත් වෙන්න බෑ .මට දික්කසාද වෙන්න ඕන ” යනුවෙනි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ දියණියගේ සිරුර පාරෙහි අතහැර දමා ගිය මෝටර් රථය තුළ තිබී හමු වූ බවත් පියාගේ සිරුර අසල ගසක එල්ලී සිටියදී සොයා ගෙන ඇති බවත් ය.
ඇති වෙන සැකය නම් මේ සිය දිවි නසා ගත් පුද්ගලයා තමන්ගේ බිරිඳගේ අනියම් පෙම ගැන දැනන් හිටියද ? එහෙනම් මේ පුංචි මල් කැකුළ මොන වරදක් කරාටද මෙහෙම ජිවිතෙන් වන්දි ගෙවුවේ.
උපුටාගැනීම: හිරුගොසිප්
