පෙමට එපා කී නිසා බදුල්ලේ 13නේ දියනිය මවගෙන් ප ලිගත් හැටි – මව රෝහලේ
බදුල්ලෙන් හද කම්පාවට පත් කරන සිදුවීමක් වාර්තා වනවා.
දහතුන් හැවිරිදි පාසල් සිසුවියක් තම මව නිදා සිටි ඇඳට ගිනි තැබූ බවයි පොලිසිය සඳහන් කරන්නේ.
මෙම සිදුවීමෙන් බරපතල පිලිස්සුම් තුවාල ලබා සිටින මව මේ වනවිට බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බවත් පොලිසිය සඳහන් කරනවා. එම සිදුවීමෙන් පසු අදාළ සිසුවිය පසුගිය 11 වන දා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පැවසුවේ තරුණයෙකු සමඟ ඇති වූ ප්‍රේම සම්බන්ධතාවයට මව විසින් දුන් අවවාදය නිසා ඇය මෙම දරුණු තීරණය ගෙන ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.
උපුටාගැනීම: හිරුගොසිප්
