ගංවතුර ආධාර ගන්න පවුලක් එක්ව කල කපටි වඩේ ගමටම හසුවෙයි
ඔහුට මේ දේ කරන්නට සිදුවුණේ බිරිඳ ඒ සඳහා අනවශ්‍ය ලෙස කරදර කරන්නට වුණු නිසයි.
කොහොම වුණත්, දැන් නම් වෙලා තියෙන්නේ රටට ලෝකයට මුහුණ දෙන්නට බැරිව ඒ පවුල ගොඩක් අසරණ වෙලා..
මධ්‍යම කඳුකරය හරහා හමා ගිය දිට්වා සුළි කුණාටුව සමග පැවති අධික වර්ෂාව හේතුවෙන් ප්‍රදේශයේ පිහිටි ඇළ දොළ ගංඟා උතුරා පිටාර ගලා එම ජල මාර්ග ආසන්නයේ පදිංචිකරුවන්ගේ නිවාස ඇතුළු වටිනා දේපළවලටද දැඩි හානි පමුණු සිදුවුණු බව සියල්ලන්ම දන්නා කාරණයක්.
මෙම ගම්මානය ද පිහිටා ඇත්තේ මහවැලි ගංඟාවේ ඉවුර ආසන්නයේයි. ගංවතුර පිටාර ගැලීමෙන් ගම්මානයේ නිවාස ගණනාවක් ජලයෙන් යටවී එම නිවාසවලට ද දැඩි හානි වී තිබුණා. උස් භූමිවල පිහිටි නිවාස ආසන්නයට ජලය ආවත් එම නිවාස වලට හානියක් සිදු නොවීය. අඩි තුන හතර උසට පිරි තිබූ ජලය බැස ගිය පසු අඩියකට වැඩි ගණකමකින් යුතුව පිරි තිබූ රොන් මඩ ඉවත් කිරිමටත් බිත්ති හා මේස පුටු සේදීමටත් ගැමියන්ට දැඩි වෙහෙසක් ගැනීමට සිදුවුණා.
ජල ගැල්මෙන් මෙසේ විපතට පත් ජනතාවට විවිධ ආකාරයේ ආධාර උපකාර කිරීමට දකුණු පළාතේ සිට වැල නොකැඩි ආධාර රැගත් වැන් සහ ලොරි රථ අදාළ ගම්මානවලට පැමිණ රැගෙන ආ ආහාර ද්‍රව්‍ය හා වෙනත් දෑ එම ගැමියන්ට ඛෙදා දෙනු ලැබුවේ ගමේ කිසිදු නායකත්වයක් හෝ වෙතත් ක්‍රමවේදයක් නොමැතිවමයි.
මේ ගැමියාට එම ආධාර බඩු මලු නොලැබුණේ ඔහුගේ නිවසට හානියක් නොවු නිසා බව කියයි. සිව් දෙනෙකුගෙන් සමන්විත තම පවුලට බඩු මලු නොලැබිම නිසා උරණ වු ගෘහණිය සිය සැමියාට ඇවිටිලි කළේ කෙසේ හෝ තම නිවසටත් බඩු මල්ලක් දෙකක් ඇතුළු අනෙකුත් දෑ රැගෙන එන ලෙසයි.
දස අතේ කල්පනා කරමින් සිටින විට දී ඔහුට උපක්‍රමයක් සිතට ආවා. සිය පිරිමි දරුවන් දෙදෙනා සහ බිරිඳට කතා කර රාත්‍රී කාලයේ අසල පිහිටි කුඹුරකට ගොස් බාල්දි කීපයකට මඩ වතුර රැගෙන විත් නිවසේ ගෙබිම පුරා විසුරුවා හැර පුටු මේස ඇතුළු වෙනත් ගෘහ උපකරණ වලට බොර ජලය ඉස අඩි දෙක තුනක් උසට වන්නට බිත්තිවලත් ජලය තවරනු ලැබුවා.
පසු දින ඔහු ගමේ ස්වේජ්ජා සංවිධාන නායකයකු වෙත ගොස් පැමිණිලි කර සිටියේ තම නිවසට ගං වතුරෙන් හානි වුවත් කිසිදු සහනාධාරයක් නොලැබුණු හෙයින් තමන්ටත් රජයෙන් හෝ වෙනත් ආයතනවලින් දෙනු ලබන ආධාර ලබා දෙන ලෙසයි.
මෙම පැමිණිල්ල සටහන් කරගත් ඔහු ගමේ තරුණයන් කීප දෙනෙකු සමඟ අදාළ ගැමියාගේ නිවසට ආපදාව පරීක්ෂා කර බැලීමට යන විට ගැමියා සහ ඔහුගේ බිරිඳ එක්ව නිවසේ ගෙබිමේ ඇති රොන් මඩ ඉවත් කරමින් සිටින බව දැක ගන්නට ලැබී තිබෙනවා. මෙය පුදුමයට කරුණක් බව ඔවුන්ට අවබෝධ වුයේ උස් බිමක පිහිටි මේ ඉඩමට කිසි ලෙසකින් වත් ගංවතුර පැමිණීමට ඉඩක් නොමැති බවයි.
ගෙවත්ත හා අවට පරීක්ෂා කිරීමේදී ද ඔවුන්ට ගංවතුරක් එම නිවසට ආ බවට කිසිදු සලකුණක් ගෙවන්නේ නොපෙනෙන බවත් මෙය ආධාර අපේක්ෂාවෙන් මොහු කළ වංචනික ක්‍රියාවක් බවත් පරීක්ෂණ කණ්ඩායමට වැටහුණා.
කමක් නෑ මෙයා යම් ආධාරයක් අපේක්ෂාවෙන්නේ මේ වංචනික වැඩේ කළේ. එහෙම සිතා ඔවුටත් ඉතුරු වුණු ආධාර මළුවලින් කිහිපයක් ලබාදෙන්නට ඔවුන් කටයුතු කළා. කොහොම හරි වැඩි වෙලා යන්නට මත්තෙන් ගම පුරාම මේ ආරංචිය යන්නට වුණා. ඒ නිසා අවසානයේ ඔහුට සහ පවුලේ කිසිවෙකුට පාරේ බැහැලා යන්න නම් බැරි වෙලාලු.
උපුටාගැනීම: අන්තර්ජාලයෙන්
