හලාවත දොස්තර මල්ලියි ෆාමසි අයියයි එකතු වෙලා කල වැඩේ
හලාවත ප්‍රදේශයෙන් අතිශය පිළිකුල් සහගත පුවතක් වාර්තා වෙනවා.
ඖෂධ අලෙවි කිරීමේ මුවාවෙන් තරුණියන් සහ කාන්තාවන් දඩයම් කළ ඖෂධසල් හිමියෙකු සහ ඔහුගේ සහයකයෙකු හලාවත කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකය මගින් කොටු කරගෙන තිබෙනවා.
මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ, මෙම සැකකරු තම සහෝදරයා වන වෛද්‍යවරයෙකුගේද සහය ඇතිව ඉතා සූක්ෂ්ම ලෙස මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බවයි. ඔහු වෙත පැමිණෙන ලාබාල තරුණියන්ට සහ කාන්තාවන්ට මත්පෙති සහ විවිධ මත්ද්‍රව්‍ය ලබාදී, ඔවුන්ව සිහිමූර්ඡා කර හෝ සිහිය විකල් කර අපයෝජනය කර ඇති බව පොලිසිය පවසනවා.
සැකකරු විසින් මෙම කාන්තාවන් අපයෝජනය කරන අවස්ථාවේදී ඔවුන්ගේ නිරුවත් දර්ශන සහ අසභ්‍ය වීඩියෝ දර්ශන පටිගත කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. මෙය ඉතා සංවිධානාත්මකව සහ සූක්ෂ්ම ලෙස කලක් තිස්සේ කරගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරුගේ මෝටර් රථය පරීක්ෂා කළ පොලිසිය පුදුමයට පත්ව තිබෙනවා. එහි තිබී පහත දෑ සොයාගෙන තිබෙනවා:
මත්පෙති 571ක් හා හෙරොයින් මිලිග්‍රෑම් 11,760ක්
අත්අඩංගුවට ගැනීමෙන් පසු සිදු කළ වෛද්‍ය පරීක්ෂණයේදී හෙළි වී ඇත්තේ මෙම ඖෂධසල් හිමියාද ‘අයිස්’ සහ ගංජා යන මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වූවෙකු බවයි.
මෙම ජාවාරමට සම්බන්ධ බව කියන වෛද්‍යවරයා සහ අනෙක් පිරිස් සෙවීමට හලාවත පොලිසිය පුළුල් පරීක්ෂණ පවත්වන අතර සැකකරුවන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
උපුටාගැනීම: හිරුගොසිප්
