බස් වලට එන්න යන අලුත්ම දේ මෙන්න
සෑම බසයකටම ජීපීඑස් (GPS) උපකරණයක් සවිකිරීමටත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරියේ කටයුතු සඳහා කළමනාකරණ තොරතුරු පද්ධතියක් ස්ථාපිත කිරීමටත් බලාපොරොත්තු වන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරියේ සභාපති විශ්රාමික කොමදෝරු ගාමිණි ජයසිංහ මහතා සදහන් කර තිබේ.
ඔහු සදහන් කළේ මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරියෙන් මගී ප්රවාහන බස්වලට ලබා දී ඇති වේලාවන් නිරීක්ෂණය කිරීමට ජීපීඑස් තාක්ෂණය යොදා ගැනීමට බලාපොරොත්තු වන බවයි.
බස් නැවතුම්පොළ සහ බස් නැවතුම් වෙත නියමිත වේලාවට පැමිණීම නිරීක්ෂණය මෙන්ම බස් සෙමෙන් ධාවනය කළහොත් එම පණිවුඩය ස්වයංක්රීයව පද්ධතියට ලැබෙන අයුරින් මෙම ජීපීඑස් පද්ධතිය නිර්මාණය කිරීමට සූදානම් වේ.
තවද සභාපතිවරයා සදහන් කළේ මෙම ජීපීඑස් උපකරණ අගෝස්තු මාසය වන විට බස්වලට සවිකර අවසන් කිරීමට පියවර ගන්නා බවයි.
මෙම වසර අවසන් වන විට බැංකු කාඩ්පත් මගින් ප්රවේශපත්ර ගාස්තු ගෙවීමේ පහසුකම් සැලසීමට සහ කළමනාකරණ තොරතුරු පද්ධතිය ස්ථාපිත කිරීමට කටයුතු කරන වග බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරියේ සභාපති විශ්රාමික කොමදෝරු ගාමිණි ජයසිංහ මහතා ප්රකාශ කර ඇත.
උපුටාගැනීම: ගගන
