පොලිය 3% ණය දෙන්න බැන්කු 13ක් සූදානමෙන්
දිට්වා සුළි කුණාටුවේ රුදුරු බලපෑමෙන් සියල්ල අහිමි වූ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සහ ගොවි ජනතාවට යළිත් හුස්ම ගන්නට අවස්ථාව උදා කරමින් රජය අතිවිශේෂ සහන පෙළක් නිවේදනය කර තිබෙනවා.
මේ වන විටත් රාජ්‍ය බැංකු ත්‍රිත්වය මෙම සහන ණය ලබාදීම ආරම්භ කර ඇති අතර, පෞද්ගලික බැංකු ඇතුළු තවත් බැංකු 13ක් මෙම පුණ්‍යකර්මයට සමාන මෙහෙයුමට එක්වීමට ගිවිසුම්ගත වී ඇති බව සදහන්.
ව්‍යාපාරය අඩාල වී හෝ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අයට තම කාරක ප්රාග්ධනය සපුරා ගැනීම සඳහා රුපියල් මිලියන 25ක් (ලක්ෂ 250ක්) දක්වා ණය ලබාගත හැකියි.
මෙහි ඇති විශේෂත්වය වන්නේ රජය විසින් මෙම මුදල් බැංකුවලට ලබා දෙන්නේ 0% පොලියට වීමයි.
ඒ හරහා පාරිභෝගිකයාට ලැබෙන වාසිය වන්නේ:පොලී අනුපාතය: වසරකට 3%ක් වැනි ඉතා අවම අගයක් ගැනීමයි.
ඒ සදහා රුපියල් මිලියන 10,000ක් (කෝටි 1000ක්) වෙන් කර ඇති බව සදහන්.
