වෛයිරසයෙන් කොළඹ ගම්පහ දැඩි අවදානම්
පරිස්සම් වෙන්න! මුළු රටම භීතියට පත් කරමින් ඩෙංගු මාරක වෛරසයක් ඉතා වේගයෙන් පැතිර යමින් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.
වසර ආරම්භ වී මාසයක් යන්නත් පෙර පළමු මරණයත් වාර්තා වී අවසන්.
මේ වන විට රෝගීන් 6,700 පන්නා ඇති අතර, ඉන් වැඩිම පිරිසක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන්.
විශේෂයෙන්ම කොළඹ සහ ගම්පහ ප්‍රදේශ මේ වන විටත් දැඩි අවදානම් කලාප ලෙස නම් කර තිබෙනවා.
දින 3කට වඩා උණ තියෙනවා නම්: පමාවී පසුතැවෙන්න එපා, වහාම වෛද්‍යවරයෙක් හමුවන්න.
