පාසල් සිසුන් බස් නැවතුමේ සිටියදී නොනවත්වා බසය ධාවනය කල රියදුරුට සහ කොන්දොස්තරට වැඩ වරදී
පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්රික් ප්රධාන ප්රාදේශීය කළමණාකාර කාර්යාලය සදහන් කරයි.
මෙසේ වැඩ තහනමට ලක්ව ඇත්තේ අලුත්ගම කොළඹ ධාවනය වූ අලුත්ගම ඩිපෝවට අයත් අංක NC 0755 බස් රථයේ සේවය කල රියදුරු සහ කොන්දොස්තර වරයාගේ බව එම කාර්යාල ප්රකාශකයෙක් පැවසීය .
අලුත්ගම, මතුගම සහ කළුතර ඩිපෝවට අයත් බස් රථ කළුතර සහ වාද්දුව අතර රැදී සිටින පාසල් ළමුන් කාලයක පටන්ම නංවාගැනීම ප්රතික්ෂේප කරන බවට වත්මන් සභාපති රමාල් සිරිවර්ධන මහතාට ලද තොරතුරක් මත එම ඩිපෝවල අධිකාරි වරුන් පාසල් ළමුන් රැදී සිටින බස් නැවතුම්පොළවල් වල රදවා බස් රථ නවත්වන ලෙස සභාපති වරයාගේ උපදෙස් පරිදි ප්රධාන ප්රාදේශීය කළමණාකරු කටයුතු කර තිබේ. එහෙත් එදින පමණක් එම බසය නවත්වා පසුව නැවත නොනවත්වා ධාවනය කිරීමට එම රියදුරන් කටයුතු කර ඇති බවට වාර්තාවූ බව කළුතර ලංගම උසස් නිළධාරියෙක් පැවසීය .
ඒ අනුව ඊයේ (06) නැවත ඩිපෝ අධිකාරි වරුන් මෙන්ම ජංගම පරීක්ෂක වරුන්ද යොදවා පරීක්ෂා කිරීමේදී රියදුරු සහ කොන්දොස්තර වරයා එම නිළධාරීන් සමගද බහින්බස් වීමක් සිදුකරගෙන තිබූ බවද සදහන් වේ.
එහිදී බස් රථ රියදුරු ව්සින් “මොකා කීවත් ආයේ නවත්වන්නේ නෑ, පුළුවන් දෙයක් කරන්න ” යනුවෙන් පවසා පිටව ගොස් ඇති බවද වාර්තාවේ .
සිද්ධිය ජංගම දුරකථන දර්ශණ සමගින් ලංගම නව සභාපති රමාල් සිරිවර්ධන මහතාට සැලවීමත් සමගින් අදාල රියදුරු සහ කොන්දොස්තර වරයා සේවයෙන් පහකිරීමට පියවර ගත්බව කළුතර දිස්ත්රික් ප්රධාන ප්රාදේශීය කළමණාකාර කාර්යාලය සදහන් කලේය.
පාසල් සිසුන්ගේ ළමුන්ගේ දෙමව්පියන් විසින් කාලයක පටන් මෙම ගැටළුවට මුහුණපා සිට ඇති අතර , පැවතී පරිපාලන දුර්වලතා හේතුවෙන් නිසා රියදුරන් සහ කොන්දොස්තර වරුන් සිය අභිමතය පරිදි මගීන් නංවාගැනිම සිදුකර ඇති බවත් ලංගම ආරංචි මාර්ග සදහන් කරයි.
පානදුර සුමිත් පොතුපිටිය
උපුටාගැනීම:අද වෙබ්පිටුව