බිරිඳට අත වර කරන්න ආ පුද්ගලයාට අනුරාධපුර සැමියා ඉගැන්වූ අවසන් පාඩම
බිරිඳට ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙකුට සැමියා විසින් උදැල්ලකින් පහරදී ඝාතනය කර ඇති බව අනුරාධපුර පොලිසිය සඳහන් කරනවා.
අනුරාධපුර විජය පුර 09 ඇළ මාර්ගය ප්රදේශයේ දී මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 42ක් වන මීගමුව, කටුනේරිය ප්රදේශයේ පදිංචි සිටි අයෙක්.
ඔහු මෑතක සිට මැදවච්චිය ප්රදේශයේ පදිංචිව සිට ඇති බව පොලිසිය පවසනවා.
මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අදාළ කාන්තාවගේ සැමියා අනුරාධපුර පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.