අඩු ආදායම් පවුල් වලට නව රජයෙන් දැවැන්ත පරිත්‍යාගයක්
අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් නිවාස 1888ක් සහ ප්‍රවීණ කලාකරුවන් සඳහා නිවාස 108ක් ඉදිකිරීම සඳහා වන ව්‍යාපෘතියකට අද (22) අත්සන් තබා තිබේ.
ඒ ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong සහ නාගරික සංවර්ධන අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක විසින්.
මෙම නිවාස පෑලියගොඩ, දෙමටගොඩ, මොරටුව සහ මහරගම ප්‍රදේශවල ඉදි කිරීමට නියමිතව තිබේ .
එමෙන්ම ප්‍රවීණ කලාකරුවන් සඳහා වන නිවාස ව්‍යාපෘතියක් කොට්ටාව ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.