බිත්තර මිල නැවතත් වෙනස් වෙයි
වෙළදපොලේ බිත්තර මිල යළිත් ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය දිනවල රුපියල් 35ක මිලකට අලෙවි වූ බිත්තර මේ වන විට වෙළදපොලේ විවිධ මිල ගණන් යටතේ අලෙවි වන බවයි හිරු ප්රවෘත්ති අංශය කළ සොයාබැලීමකදී අනාවරණය වුණේ.
ඒ අනුව, කුඩා ප්‍රමාණයේ බිත්තරයක් රුපියල් 38කටත්, සාමාන්‍ය ප්‍රමාණයේ බිත්තරයක් රුපියල් 40ක මිලකටත් අලෙවි වනවා.
මේ අතර, වෙළදපොලේ උඩරට එළවලු මිල ගණන් යම් පහත මට්ටමක පවතින බවත් පහතරට එළවලු මිල ගණන් ඉහළ යාමක් දකින්නට ලැබෙන බව ව්‍යාපාරිකයින් සහ පාරිභෝගිකයින් පවසනවා.
උපුටාගැනීම: හිරු වෙබ්පිටුව