ජනපතිගෙන් ලාෆ් ගෑස් සමාගමට නියෝගයක්
කාර්මික පාරිභෝගිකයන්ට සාපේක්ෂව ප්‍රමුඛතා පදනම මත නිවාස වෙත මාසික ගෑස් සැපයුමක් සහතික කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ලාෆ් ගෑස් සමාගම වෙත උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ පසුගිය දින කිහිපය තුළ වෙළඳපොළේ ලාෆ් ගෑස් හිගයක් පවතින බවට පළවූ වාර්තා පදනම් කර ගනිමින්.
වෙළඳපොළේ ලාෆ් ගෑස් හිඟයක් පවතින බවට මීට පෙර අවස්ථා කිහිපයකදී හිරු ප්රවෘත්ති ඔස්සේ ද කරුණු අනාවරණය කළා.
කෙසේ වෙතත්, පසුගිය 19 වනදා ගෑස් රැගත් නෞකාවක් දිවයිනට පැමිණ ඇති අතර, තවත් ගෑස් නෞකාවක් හෙට දිනයේදී දිවයිනට පැමිණීමට නියමිත බවයි ලාෆ් ගෑස් සමාගමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්රවෘත්ති අංශයට සදහන් කළේ.
ඒ අනුව, ඉදිරියේදී අඛණ්ඩව පාරිභෝගිකයන් වෙත ගෑස් සැපයුම සිදු කරන බවයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේ.
උපුටාගැනීම: හිරු වෙබ්පිටුව