5000 හො ර සල්ලි පාසල් සිසුන්ට බෙදා දුන් ජනප්‍රිය චිත්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක කොටු වෙයි
රුපියල් පන්දහසේ ව්‍යාජ නෝට්ටු මුද්‍රණය කර පාසල් සිසුන් අතින් සංසරණය කරවූ බව කියන චිත්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු ඇතුළු ප්‍රධාන සැකකරුවන් දෙදෙනකු ලබන 30 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර තැබීමට තෙල්දෙණිය මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (23 වැනිදා) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවේ පැලවත්ත පාර රත්මල්දෙණියේ පදිංචි චිත්‍රපට අධ්යක්ෂවරයකු බව කියන උදයසිරි ගාමිණි පතිරණ නමැති අයෙකු සහ මහනුවර දන්තුරේ පදිංචි රොෂාන් අනිල් පෙරේරා යන අයකුය.
මෙම සැකකරුවන් තෙල්දෙණිය මූලස්ථාන පොලිසිය විසින් ඊයේ (23 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබුණේ රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු පනස් හතක් සමගින් අත්අඩංගුවට ගත් දිගන ප්‍රදේශයේ පාසල් සිසුන් සිව් දෙනා ගෙන් කළ ප්‍රශ්න කිරීම් වලින් අනාවරණය වූ තොරතුරු මතය. මෙම සැකකරුවන් ව්‍යාජ නෝට්ටු මුද්‍රණය කිරීමට යොදාගත් පරිගණකය හා මුද්‍රණ යන්ත්‍රයද පොලිසිය භාරයට ගෙන ඇති අතර මොවුන් රහසිගත ලෙස මුද්‍රණය කර මුදල් සමාජයට මුදාහරිමින් වලංගු මුදල් ලබාගෙන ඇත.
අත්අඩංගුවට පත් එක් සිසුවෙකුගේ මාමා කෙනෙකු වන චිත්‍රපට අධ්යක්ෂවරයා එම සිසුවාට හා මිතුරු සිසුන් තිදෙනාට ව්‍යාජ මුදල් ලබාදී යම් යම් භාණ්ඩ රැගෙන එන ලෙසට දන්වා ඇතැයිද පොලිසිය සඳහන් කරයි.
දිගන නගරයේ වෙළෙඳසලකට රුපියල් පන්දහසේ මුදල් නෝට්ටු හතරක් රැගෙන පැමිණි පාසල් සිසුන් සිව් දෙනෙකු තෙල්දෙණිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රවීන්ද්‍ර සේනාධීර ඇතුළු නිලධාරීන් විසින් පසුගිය 21 වැනිදා අත්අඩංගුවට ගත් අතර එම සිසුන් අධිකරණ නියෝග මත පරිවාසභාරයට පත්කර ඇත.
(ටී.අශෝක් කුමාර් – හාලිඇල)
gossip lanka news