පොලිස් නිලධාරිනියන්ගේ බැරැක්කයකට ගියැයි කොස්තාපල් අ ත්අඩංගුවට
අලුයම් කාලයේදී පොලිස් නිලධාරිනියන් රැඳී සිටින බැරැක්කයට ඇතුළු වූ බව කියන ආධුනික පොලිස් කොස්තාපල්වරයකු නොරච්චෝලේ පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු නොරච්චෝලේ පොලිසියට මෑතකදී සේවය සඳහා පැමිණි ආධුනික පොලිස් කොස්තාපල්වරයකු බව පැවැසේ.
කිසියම් අයකු නොරච්චෝලේ පොලිසියේ නිලධාරිනියන් රැඳී සිටින බැරැක්කයට ඇතුළු වී සිටින බවට ඊයේ (02 වැනිදා) ස්ථානාධිපතිවරයාට තොරතුරක් ලැබී තිබිණි.
ඒ අනුව ක්රියාත්මක වී ඇති පොලිස් ස්ථානාධිපතිවරයා විසින් අදාළ බැරැක්කයට ඇතුළු වී සිටි කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් කොස්තාපල්වරයා සම්බන්ධයෙන් කල්පිටිය සහකාර පොලිස් අධිකාරිවරයාට ද දැනුම් දී තිබේ.
aruna