වායු දූ ෂණයෙන් මි යයන සංඛ්‍යාව ඉහළට
වායු දූෂණයත් සමග ඇති වන විවිධ රෝගාබාධ හේතුවෙන් ලොව පුරා මිය යන පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අවධාරණය කරයි.
වසරකට ලොව පුරා පුද්ගලයන් ලක්ෂ 70ක පමණ පිරිසක් වායු දූෂණය හේතුවෙන් ඇති වන ශ්වසන රෝගාබාධ මත මිය යන බවට සිදුකළ සමීක්ෂණවලින් අනාවරණය වී ඇති බව ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක පැවසීය.
මේ අතර වායු දූෂණය නිවැරදි ලෙස කළමනාකරණය කිරීමට නොහැකි වුවහොත් ආර්ථිකමය වශයෙන්ද බලපෑම් එල්ල විය හැකි බව විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක ප්‍රකාශ කළේය.
මෙම මාධ්‍ය හමුවේදී විශේෂඥ වෛද්‍යවරයා මෙසේද අදහස් දැක්වීය.
“දැනට විද්‍යාත්මක පරීක්ෂණ 70,000ක පමණ ආශ්රයෙන් කරපු පරීක්ෂණවලින් ඔප්පු වෙලා තියෙනවා ලක්ෂ 70ක් ජනතාව තමන් මිය යන්න ඕන කාලෙට වඩා කලින් වායු දූෂණය නිසා මිය යනවා කියලා. ඒ වගේම අපේ ගෙවල් ඇතුළේ වායු දූෂණය වීමත් ගොඩක් වෙලාවට බලපානවා විවිධ රෝගාබාධ ඇති වීම සඳහා සහ ඇතිවුණ රෝගාබාධ වැඩිදියුණු වීම සඳහා හා පාලනය වීම දුර්වල වීම සඳහා. උදාහරණයක් හැටියට සමහර සංඝටක පෙණහලුවලට ගියාම පිළිකා ඇති වීමේ ප්‍රවණතාව වැඩියි. දුම් පානයට කළ අයගේ මේ තත්ත්වය දැකලා තිබුණත් දැන් දුම් නොබොන අයගේ සහ කාන්තාවන්ගේ වායු දූෂණය නිසා මේ තත්ත්වය වැඩි වීමට හේතුවෙන බව සොයා ගෙන තිබෙනවා.”
