අලුතින් සත්තු ජාති තුනක්ම ලංකාවට
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට දුඹුරු වලසුන් යුවලක්, හයිනා යුවලක් සහ මියර්කැට් යුවල තුනක් සත්ව හුවමාරු වැඩසටහන යටතේ මෙරට සත්වෝද්‍යාන ප්‍රදර්ශනය සඳහා ගෙන්වූ බව පරිසර අමාත්‍යාංශය පවසයි.
හයිනා සතුන් රිදියගම සෆාරි උද්‍යානය වෙතද,අනෙකුත් සතුන් දෙහිවල සත්වෝද්‍යානය වෙතද මාසයක නිරෝධායන කාලයක් සඳහා යොමු කර ඇති අතර මසකින් පසු එම සතුන් මහජන ප්‍රදර්ශනය සඳහා යොමු කරන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.
උපුටාගැනීම: ලංකාදීප