ඉදිරි දිනවල විදුලි කප්පාදුව ගැන තීරණය
ඉදිරි දිනවල විදුලි කප්පාදුවක් සිදුවන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තීරණය කර නොමැති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
එහි මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා පැවසුවේ අද (11) පස්වරුවේ පැවැත්වෙන සාකච්ඡාවේදී ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදුවන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය කරන බවය.
පසුගිය ඉරිදා දිනයේදී සිදුවූ හදිසි විදුලි බිඳවැටීමෙන් අනතුරුව නොරොච්චෝලේ බලගාරයේ ජනන යන්ත්‍ර 03ම අක්‍රීය තත්ත්වයට පත්වීම හේතුවෙන් විදුලි ඉල්ලුම කළමනාකරණය කර ගැනීම සඳහා ඊයේ සහ අද දිනයේ පැය එකහාමාරක කාලයක් දිවයිනේ සෑම ප්රදේශයකටම විදුලිය කප්පාදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබුණි.
ඒ අනුව පස්වරු 3.30ත් රාත්‍රී 9.30ත් දක්වා පැය 06ක කාලසීමාව තුළ කාණ්ඩ 04ක් ඔස්සේ ඊයේ දිනයේ දිවයින පුරා පැය එකහාමාරක විදුලි කප්පාදුවක් සිදුකෙරුණු අතර එය අද දිනයේද ක්‍රියාත්මකය.
අද දෙරණ