අලුතෙන් රජයේ රැකියා 7500යි මෙන්න පුරප්පාඩු ලිස්ට් එක
රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්ය මණ්ඩල කළමනාකරණය කිරීම් පිණිස පත් කරන ලද කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රාජ්‍ය සේවයේ බඳවාගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කරමින් අවශ්‍යතා, ප්‍රමුඛතා හා කාලරාමු හඳුනාගෙන ඒ ආශ්‍රිතව අත්‍යවශ්‍යයෙන්ම සිදුකළ යුතු බඳවාගැනීම් ප්‍රමාණයන් හඳුනාගෙන ඒ අනුව, අවශ්‍ය පියවර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගෙන් ප්‍රධානත්වයෙන් නිලධාරි කමිටුවක් පත් කිරීම සඳහා 2024-12-30 දින පැවති රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබුණි.
ඒ අනුව එක් එක් අමාත්‍යාංශය සහ ආයතනවලට පුරප්පාඩු සඳහා පහත පරිදි බඳවාගැනීම් සිදුකිරීමට නියමිතය
aruna