NSB කළමණාකාරීත්වය සම්බන්ධව සේවකයන් සහ ගනුදෙනුකරුවන් නොසතුටින්
අද දවසේ කොළඹ නගරය පුරාම රාජ්‍ය බැංකුවක කළමණාකාරීත්වයේ අඩුපාඩු සම්බන්ධ පෝස්ටර් ව්‍යාපාරයක් දැකගත හැකි විය. ඒ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ පාලනාධිකාරියට විරුද්ධවය.
ලංකා බැංකු සේවක සංගමය මෙම පෝස්ටර් ව්‍යාපාරය දියත් කර තිබූ අතර නව පද්ධතියක් මිලදී ගැනීමේදී සහ ක්‍රියාත්මක වීමේදී දෝශ පවතින බවත් ගනුදෙනුකරුවන් සහ සේවකයින් ඉන් ඉතා අපහසුතාවයකට පත්ව ඇති බවත් සඳහන් විය.
එමෙන්ම කළමණාකාරීත්වය විසින් නව පත්කිරීම් අත්තනෝමතිකව සිදුකරන බවටද එම පෝස්ටර් වල සඳහන් විය. මීට මාස ගනනක සිට නව පද්ධතිය හදුන්වා දීමත් සමඟ ගනුදෙනුකරුවන් දැඩි අපහසුතාවයට පත් වන බව නොරහසකි.
