සිරිලිය ගිනුම නඩුවත් යලි විභාගයට
මහරජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා විසින් දැනට වසා තබා තිබෙන සිරිලිය සවිය ගිණුම පිළිබඳ වූ නඩුකරය යළි විභාගයට ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ අදාළ ගිණුම ආරම්භ කරන විට ලබාදිය යුතු අයදුම් පත්‍රය බැංකුවෙන් මේ වන විට අස්ථාන ගත වී ඇති බවයි.
එසේම අඳාළ ගිණුමේ කටයුතු ද අක්‍රිය කිරීමට කටයුතු කර ඇති බවද ඔහු පවසයි.
ඊට අමතරව ඔහු සඳහන් කර ඇත්තේ අඳාළ ගිණුම අත් හිටුවන අවස්ථාවේ එහි ශේෂය වශයෙන් රුපියල් මිලියන 44 ක් තිබූ බවයි.
මේ අතර නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා ඇත්තේ ලක්ෂ සියයක ස්ථාවර තැන්පතුවක් ද සිරිලිය නමින් තැන්පත් කර ඇති බවයි.
