ගෙවල්වල මාන්චු තියාගත්තොත් සෙල්ලම් වරදී
නීත්‍යනුකූල අත්විලංගු භාවිතය හෝ ළඟ තබාගැනීම සිදුකළ හැක්කේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට පවත්නා ආයතනවල නිලධාරීන්ගේ රාජකාරි කටයුතු සඳහා පමණක් බව පොලිසිය පවසනවා.
එමෙන්ම, වෙනත් පුද්ගලයන් අත්විලංගු භාවිතා කිරීම හෝ ළඟ තබාගැනීම නීතිවිරෝධි බවයි පොලිසිය පවසන්නේ.
අත්විලංගු භාවිතය පිළිබදව මේ වනවිට කතාබහක් ඇතිව තිබෙන්නේ කහවත්ත – ඇන්දාන ප්‍රදේශයේදී පසුගියදා අත්විලංගු දමා දණගස්සවා තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියත් සමගයි.
අදාළ තරුණයා පැහැරගෙන ගොස් ඝාතනයට යොදාගෙන තිබුණේ නීතිවිරෝධි අත්විලංගු බවට අනාවරණය වී ඇති හෙයින් ඒවා කෙසේ අදාළ පාර්ශවයට ලැබුනේද යන්න පිළිබඳවද මේ වනවිටත් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
අත්විලංගු ළඟ තබාගැනීම, භාවිතය පමණක් නොව නිෂ්පාදනය ද නීතිවිරෝධි බවත්, නීත්‍යනුකූල අත්විලංගු මෙරට තුළ නිෂ්පාදනය කළ හැක්කේ ආරක්ෂක අමාත්‍යාංශයේ ඍජු අධීක්ෂණය ඔස්සේ පමණක් බවත් පොලිසිය සදහන් කරනවා.
උපුටාගැනීම: හිරුගොසිප්
