ගස්ලබු ගෙඩියක් හා කෙහෙල් ඇවරියක් කා බිරිදගේ ඇගේවැදී දිවූ හොරා ගමම කලඹයි
දවසත් ගෙවුණේ සුපුරුදු ලෙසමයි.. පවුලේ අය වෙනදා වගේම කෑම බීම කාලා රාත්‍රී නින්දට සූදානම් වුණා..
විශ්‍රාමිකයෙක් ඔහුගේ බිරිය හා උසස් අධ්‍යාපනය හදාරන දියණියක් එහි වෙසෙනවා… විශ්‍රාම වැටුපත් කොස් පොල් සහිත වතුපිටිවල ආදායමත් හේතුවෙන් හිඟ පාඩුවක් නැතුව ඔවුහු දිවිය ගැටගහ ගහන්වා..
ඉඳහිට පොඩියට සප්පායම් වන ගෙහිමියා මධ්‍යම රාත්‍රිය පහුවන තුරුම රූපවාහිනී සංවාද නැරඹීම පුරුද්දක් කර ගත් ඔහු, ගෙයි සියලු දොර ජනෙල් බිරිඳ විසින් වසා තැබෙන බවට විශ්වාසයෙන් රූපවාහිනියේ සංවාදය නිමාවූ පසු ඉදිරිපස දොර වසා නින්දට යාම නිවසේ දින චරියාව වී තිබුණා.. මෙදිනද හීනියට සළුවී සිටි මොහු රූපවාහිනිය නරඹමින් සිටියදී බිරිඳ හා දියණිය නින්දට ගොස් තිබුණා..
පාන්දර යාමයේදී මුළුතැන්ගේ පැත්තෙන් ඇසුණු සද්දයකින් පිබිදුණු ගෙහිමි කාන්තාව ඊට සවන් යොමුකර ඇති අතර, ඇසෙන සද්දය නතර නොවන බැවින් කාමරයේ දොර හැරගෙන කුස්සියට පැමිණ එහි බල්බය දැල්වීමට සුවිචයට අත තියනවාත් සමග කවුරුන් හෝ ඇගේ කකුලෙත් වැදීගෙන ඉදිරිපසට දුවගෙන ගොස් තිබුණා..
මහත්සේ බියටපත් ඈ කුස්සියෙන් මෑත්වී සාලයට පැමිණ එහි බල්බය දල්වා තිබුණා.. ඉදිරිපස ප්‍රධාන දොර ඇර තිබෙනු දුටු ඈ හොරෙක් පැන ඇතැයි කියා සැකයෙන් කෑගැසුවා.. සැමියාත් දියණියත් අවදිවී විපරම් කරනවිටම අසල්වැසි නිවෙස් දෙකේ ගෙහිමියෝද මොකද..? මොකදැයි අසමින් එම නිවසට පැමිණ ඇති අතර, අසල්වැසි නිවෙස්වල ඇත්තන්ද දුරකතන මගින් එකිනෙකාගෙන් විමසමින් මේ නිවසට රොක්වී සිටියා..
ගෙහිමියන්ගේ හා පැමිණි පිරිසගේ විමර්ශනයෙන් හොරෙකු පැමිණ නැති බවත් පැමිණ ඇත්තේ උගුඩුවෙකු බවත් තහවුරුවී තිබෙනවා… ඊට සාක්කි වශයෙන් මදය නැති ගස්ලබු ගෙඩියක්ද ලෙලි පමණක් ඉතිරි කෙසෙල් ඇවරියක්ද සොයාගෙන ඇත.. හීනියට සප්පායම්වී රූපවාහිනිය නරඹමින් සිටි ගෙහිමියා දොර ඇරදමා තිබියදීම නින්දට ගොස් ඇති බවද තහවුරුවුණා…