අගමැතිනි හරිනි මැදියම් රැයේ රනිල් බලන්න ජාතික රෝහලට යයි
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සුවසැරිය විමසීම සඳහා 25 අලුයම් කාලයේදී කොළඹ ජාතික රෝහල වෙත පැමිණ තිබේ.
අග්‍රාමාත්‍යවරිය එලෙස රෝහලට පැමිණියේ හිටපු ජනාධිපති ආර්යාව වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ සමඟ බවට රෝහල් ආරංචි මාර්ග පවසයි.
තවද, ඔවුන් දෙදෙනා රෝහලේ පැය දෙකකට වැඩි කාලයක් ගත කර ඇති බවද එම ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් වාර්තා වේ.
lanka c news