තාත්තා නැති වුනා කියල මැසේජ් කරහම ලමයි අපේ අංකය බ්ලොක් කරා
මවුපියන් තමන්ගේ දරුවන් හදන්න කොයිතරම් දුක් විඳිනවද? කොයි තරම් නම් කැප කිරීම් කරනවාද? ඔවුන්ගේ ජීවිත සැපවත් කරන්න කොයි තරම් වෙහෙසෙනවාද? නමුත් දරුවන්? ඔවුන් තමන්ගේ මාපියන්ට යුතුකම් ඉටු කරනවාද? ලංකාවේ මේ තරම් වැඩිහිටි නිවාස තියෙන හේතුව මොකක්ද?
දරුවන් හතර දෙනෙක් හැදූ වැඪිහිටි නිවාසයක තනි වුනු පිය්ටෙක් පසුගියදා අභාවප්රාප්ත වෙලා.
පහත දැක්වෙන සටහන කියවන විට ඔබට ජීවත් වෙන රටේ මිනිසුන් කවරාකාරදැයි වැටහේවි..
“අද දින උදෑසන 5.40ට අපගේ ආලෝකා වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටි මෙම වැඩිහිටි තාත්තා හදිසි අසනීප තත්වයකින් අප අතරින් වියෝ වුනා..!
දරුවන් 4 දෙනෙක් මේ ලෝකෙට දායාද කල මෙම පියා මේ වන විට අපි කිහිප වරක්ම උත්සහ කලා දරුවන් සම්බන්ධ කර ගන්න නමුත් කිසිම පිලිතුරක් අප වෙත දැනුම් දුන්නේ නැත. තාත්තා නැති වුණා කියලා වට්ස්ඇප් මැසේජ් කළ විට අපේ අංකය බ්ලොක් කලා.
උපුටාගැනීම: අන්තර්ජාලයෙන්
