හැමොම ලස්සනයි කී බිරිදගේ ඇදුම කතුරෙන් කැපූ සැමියා
රිඳ ඇඳුමෙන් ලස්සන වෙනවා බලන්නට බැරි සැමියකු ඇය මිලදී ගත් ඇඳුම කපා දැමු පුවතක් යාපහු පුරවරයට අයත් නගරබද පෙදෙසකින් ආරංචි වුණා…
සැමියා ව්‍යපාරිකයෙක්.
බිරිය විශ්‍රාම වැටුප් සහිත රාජ්‍ය ආයතනයක සේවය කරනවා . ඔවුනගේ දරුවන් ද විවාහකයි. ඔවුන් පදිංචිය සඳහා මුල් නිවසින් බැහැරව ගොස් තමයි හිටියේ. මේ නිසා අඹු සැමි යුවළ පමණක් නිවසේ වාසය කළා..
සැමියාට වඩා බිරිය අවුරුදු දහයකින් පමණ බාලයි. මේ නිසා රූමත්භාවයෙන් යුත් තරුණ පෙනුමැති ඇය දෙස සැමියා වපර ඇසෙන් බලන අවස්ථා එමටයි.
ඒ අතරවාරයේ ඇය ලද වැටුපෙන් ඇඳුමක් මිලදී ගත්තා. එය ගෙදර ගෙනැවිත් පසුදින ඇඳගෙන සේවයට යාමට බසයක් එනතුරා නිවස ඉදිරිපිට පාරේ රැඳී සිටියා.
යන එන අය ඇයගේ ඇඳුම ‘‘ලස්සනයි, නියමයි” කියමින් වර්ණනා කළා…
ඒ අසල සිටි සැමියා ඒ දෙස බලා සිටියා. ඇය බසයක නැගී සේවයට ගොස් හවස සේවයෙන් මිදී ගෙදර ආවා.
ඇඳුම ගලවා දමා ඇය ගොස් දිය නාන අතරේ සැමියා කතුරක් ගෙන එය කිසිවකුට ප්‍රයෝජනයකට ගත නොහැකි ලෙසට කැබැලිවලට කපා දැමුවා.
එළියට පැමිණි ඇය ඒ දැක කරපු අපරාධය කුමක්දැයි කියා විලාප දෙමින් ඇසුවා…
”මට විතරක් ලස්සන පෙනුනාම ඇති එක එකාගෙන් සම්මාන ගන්න ඇඳුම් අඳින්න ඕනෑ නෑ. ඒකයි මම ඒක කැපුවේ” යනුවෙන් ඇඳුම ඇගේ මූණට දමා ගැසුවා.
ඊට එරෙහිව කතා කළා නම් ගුටි පූජාවකුත් ලැබෙන නිසා වෙච්ච පාඩුව තමාම විඳ දරාගෙන ඇය මුණිවත රැක සිටියා.
දෙයියෝ සාක්කි
