මවගේ වරදින් දියණියට අත්වුනු ඉරනම
ටීචින් කරද්දි තමයි මට පුනරුත්තාපන වැඩේට යන්න
චාන්ස් එකක් හම්බුණේ. අපි එහේ එක එක විදිහේ
ප්‍රෝගෑම් කළා. අහිංසක දුප්පත් ළමයි වගේම ලොකු ලොකු
පවුල්වල එවුන් පවා එතැන හිටියා.
පව් ඉතින්… පුංචි එවුන්……
සමහර කොල්ලො ඉස්කෝලෙ වයසේ…
කොහොම හරි එක එක විදිහේ කතාන්දර
අහන්න දකින්න ලැබුණා. මාත් එක්ක ෆිට් වෙච්ච
කෙල්ලෙක් තමයි මට මේ කතාව කිව්වේ….
විශ්වාස කරන්න මාර ලස්සන කෙල්ලෙක්..
ඉටි රූපේ වගේ.. දිලිසෙනවා.. දෙවඟනක් වගේ..
හරිම කියුට්…
මට හිතාගන්න බැරිවුණා ඒ කෙල්ල ගැන..
හොඳට ඉගෙන ගෙන… බිස්නස් ඩිග්රි එකක් පවා තියෙනවා.
එයාගේ කතාව නම් හිතාගන්න බෑ..
“අක්කේ මගේ තාත්තා ලොකු සල්ලිකාරයෙක්.. ලංකාවේ නොම්බර
වන් සල්ලිකාරයින්ගේ ලිස්ට් එක අරන් බැලුවොත් අපේ තාත්තාත්
ඒ ලිස්ට් එකේ අනිවාර්යෙන්ම ඉන්නවා. තාත්තා හරි හොඳයි.
මගේ හැමදේටම වියදම් කරන්නෙ තාත්තා.. පස්සෙ
අම්මගේ අනියම් සම්බන්ධයක් නිසා තාත්තා අම්මගෙන්
අයින් වෙන්න තීරණය කළා.. මාව භාරකළේ අම්මට…”
“තාත්තා අවුරුදු තුනක් විතර රට ඉඳලත් ආවා.
පස්සෙ අම්මා දවසක් දන්න කියන නළුවෙක්ව ගෙදර එක්කන් ඇවිත්
මට අඳුන්වලා දුන්නා. මේ ඉන්නෙ – – අංකල් කියලා..!!
අද ඉඳන් ඔයාගේ තාත්තා වගේ තමා කියලා.
ඌ අම්මාව බැන්ඳා කිව්වට උගේ ඇහැ තිබ්බෙ මං ගාව.. මට ඒක
හොඳට තේරුණා..”
” – – – අංකල් හෙන බෙබා.. ඒ කියන්නෙ බොනවා.
එයා තමා මටත් ඩ්‍රින්ක්ස් පුරුදු කළේ. මුලින්ම බියර් සිගරට්
බිව්වට පස්සෙ අයිස්වලට පුරුදු වුණා අපි..
අංකල් එක්ක බොන එක ජොලි.. පාට පාට ලෝකයක් ඒක..
ඔහොම ගිහින් මට අයිස් නැතුවම බැරිවුණා.
අංකල්වත් නැතිවම බැරිවුණා. අංකල් එක්ක වෙන දේවල්
මට හිතාගන්න බෑ. අම්මා නැති හැමවෙලාවකම
අංකලුයි මායි ලිංගිකව සතුටු වුණා…”
“අම්මා කිසි දෙයක් දන්නෙ නෑ.. අන්තිමට මම
ගොඩක් හැබිට් වෙලා ලංකාවට ඇවිත් හිටපු
තාත්තාට සිද්ධිය ආරංචි වුණා. තාත්තා ඇවිල්ලා – – අංකල් එක්ක
රංඩු කරලා, බැනලා අම්මගේ කම්ඹුලටත් ගහලා
මාව අරන් ගියා. පස්සෙ තමා මාව මෙතැනට දැම්මේ.
තාත්තී පව් ඉතින්.. එයා මට හෙනම ආදරෙයි..
එයා කවදහරි එනකන් මම බලන් ඉන්නවා.
මාව සනීප වුණාම මාවත් එක්කන් රට යනවා කියලා එයා කිව්වා..”
