විවාහයෙන් පසුව වෙන්වීම දරාගන්න බැරි නිසා එක මනාලයෙක් සමග නිවුන් සොහොයුරියෝ ගත්ත තීරනේ
එක් මනාලයෙක් තෝරාගෙන සොහොයුරියන් දෙදෙනෙක්ගේ විවාහය සිදු වූ පුවතක් වාර්තා වෙනවා.
මේ කතාව අපිට අහන්න ලැබෙන්නේ ඉන්දියාවෙන්…. මහාරාෂ්ට ප්‍රාන්තයෙන්….
මෙලෙස විවාහ වී ඇත්තේ නිවුන් සහෝදරියන්. එලෙස විවාහයක් ලියාපදිංචි කළ නොහැකි වරදක් බවයි විදෙස් මාධ්‍යය දක්වා තිබෙන්නේ.
මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සෝලාපූර්හි පුද්ගලයෙක් මෙලෙස මුම්බායි හි නිවුන් සහෝදරියන් දෙදෙනෙකු විවාහ කර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍යය පෙන්වා දෙන්නේ.
ඒ අනුව ඔහු 36 හැවිරිදි තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් දෙදෙනෙකු වන මෙම කාන්තාවන් දෙදෙනා සමඟ විවාහ වී ඇත්තේ උත්සවශ්රීයෙනුයි.
විවාහයෙන් පසු වෙන්වීම දරාගත නොහැකි වූ නිසා සහෝදරියන් දෙදෙනා එකම පිරිමියෙකු සමඟ විවාහ වීමට තීරණය කළ බවයි වාර්තා වන්නේ. ඔවුන් දෙදෙනාගේ මේ අමුතු ඉල්ලීමට ඔවුන්ගේ පවුලේ අය කැමැත්ත පළ කළ බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
එම වෙනස් විවාහ මංගල්‍යයේ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය පුරා මේ වනවිට පැතිර පවතිනු දැකිය හැකියි.
කෙසේ නමුත් එම ප්‍රදේශයේ සමාජ සේවකයෙකු සෝලාපූර් දිස්ත්‍රික් පොලිසිය වෙත පැමිණ මෙම සිද්ධිය පිළිබඳව පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබෙනවා.
උපුටාගැනීම: අන්තර්ජාලයෙන්
