පෙම් පලහිලව්වෙන් නොඑන ගමන් ගිය තරුණයාගේ ලියුම
මට මේ කතාව මතක් වුණේ,
පුංචි කොල්ලෙක් එල්ලිලා මැරිලා කියලා ඇහුණම.
පොර මොකටද මැරුණේ, කවුරු හින්දද මැරුණේ කියල නම්
මම ඇත්තටම දන්නෙ නෑ…
ඇත්තටම ඌට හේතුවක් තියෙන්න ඇති..
ඇහුම්කන් දෙන්න කෙනෙක් හිටියත් උගේ හිත
ඌට බල කරන්න ඇති, මැරෙන්නම කියලා…
මගේ යාලුවෙක් හිටියා. මා එක්ක ඒලෙවල් ක්ලාස් ආපු.
අපි දෙන්නම සන්නාගේ සිංහල ක්ලාස් එකට ගියේ එකට…
නුවර ක්ලාස් එක ඉවර වුණාම නුවර වැව් ඉවුරම
එක යායට කෙල්ලො… අපි ඉතින් හෙන ආසාවෙන්
එක්කෙනෙක් දෙන්නෙක්ව ටෝක් කරන් යනවා…
මගේ යාලුවාගේ නම දර්ශන කියන්නම්කෝ…
දර්ශනයට කෙල්ලෙක් සෙට් වුණා, ඒකත් හරි අහම්බෙන්…
පස්සෙ දෙන්නාගේ ලව් එක නැඟලම ගියා.
උන් ලියුම් ලියාගත්තා. හම්බුණා. ෆිල්ම් බලන්න ගියා..
හරිම ලස්සනට ගියා. අපේ එකා ඒකිට පට්ට වියදම් කළා.
හැමදාම මොනා හරි අරන් දෙනවා…
ඔහොම ගිහින් කෙල්ල පිට ගියා. කොටින්ම ඒකිට
වෙන කොල්ලෙක් සෙට් වෙලාලූ. මේකෙන් අරූ මාර විදිහට වැටුණා.
මට මතකයි ලියුම් ලිව්වා ආපහු එන්න කියලා.
කොල්ලා එකපාරක් පෙති වගයක් බීලා හොස්පිට්ල් එහෙමත් නැවැත්තුවා.
අපි අමාරුවෙන් ගොඩ ගත්තට, එක දවසක් ඌ යන්නම ගිහින් තිබ්බා.
උගේ අන්තිම ලියුම මට තාම මතකයි…
ඒක ලියලා තිබ්බෙ අම්මට…
“ගොඩක් අය මට බනියි මම ගියාට. මෝඩ වැඩක් කියයි.
මම දන්නවා අම්මා නම් අඬයි සෑහෙන්න. ගොඩක් අඬයි….
ඒත් මට යන්න වෙනවා අම්මේ.. මම හිත හදාගෙන ඉවරයි..
මම ගියාම එයත් මාව බලන්න මළගෙදර ඒවී.. එන්න දෙන්න..
එයාව බදාගෙන පුළුවන් නම් මං වෙනුවෙන් අඬන්න..
මට ඒ ඇති.. සමාවෙන්න අම්මේ මං යනවට…”
“මම නොයා ඉන්න හිතුවා ගොඩක් සැරයක්.
ඒත් අමාරුයි. එයාව අර කොල්ලා එක්ක දකිනකොට හිත
සෑහෙන්න රිදෙනවා අම්මේ. මම දන් නෑ මම එයාට
කරපු වරද මොකද්ද කියන්න. අර කොල්ලට තරම්
දේපල් සල්ලි මට නෑනේ. සමහර විට මට ඒ කොල්ලගේ
තරමට එන්න තව අවුරුදු ගාණක් යාවී..”
“එහෙම වුණත්, එයා මගේ වෙන එකක් නෑ…
එයා මං වෙනුවෙන් ගොඩක් දේ දීලා නෑ…
ඒත් එයා දුන්න පර්ෆියුම් එකයි, ලෙටර් එකයි මා එක්කම
වළලලා දාන්න… මට මැරෙන්න බෑ කියලා හිතෙනවා.
ඒත් මට යන්න වෙනවා.”
“යාලුවෙක්ටවත් මේක කියන්න බෑ.. මම මැරෙනවා
කිව්වත් එයාලට ගාණක් නැතිවෙයි….
මේ ඇති අම්මා…… මට තවත් ඉන්න බෑ.
මාව මේ ලෝකෙට අයිති නැතුව නැති.
මගේ අම්මා අඬන් නැතුව ඉන්න.. බුදු සරණයි..
හැමදාම ආදරෙයි.. මම ඔයාගේ චූටියා..”
උපුටාගැනීම: අන්තර්ජාලයෙන්
