අලුත ගෙනා මනාලී ගෙදරම හොල්මන් වෙන්න කල සෙල්ලම
රටට ලෝකයට අණබෙර ගසා ගෙදර ගෙන ආ ලේලිය මේ වගේ දෙයක් කරාවි කියලා නම් කවුරුත් හිතන්න නැතුව ඇති.
මේ වගේ දවසක තමගේ හීන තමන්ගේ තරමට තියාගන්න හැම කෙනෙක්ම දැනගන්න ඕන.. මේ කියන්න යන්නේ අතැති මුදලට වඩා හීන පොඳිබැඳගත් ඇය සම්බන්ධ සිදුවීමක් ගැන කතාවක්.
කොහොම වුණත් මේ කියන්න යන්නෙ තමන්ගේම විවාහයේ ණය බේරාගන්න බැරුව අලුත ගෙනා ලේලි කරපු වැඩක්.
මේ පුවත වාර්තා වෙන්නේ ගම්බද ප්‍රදේශයකින්..
ඇය 29 හැවරිදි සුරූපී තැනැත්තියක්..
තමගේ විවාහ මංගල උත්සවයට ගත් ණය පියවාගැනීමට අවශ්‍ය මුදල සොයා ගැනීමට නම් ඇයට විශාල මුදලක් අවශ්‍ය වී තිබුණා. ඉතින් දැන් ඇයට කරන්න ඉතුරුව තියෙන්නේ කුමක්ද..?
මේ ගැන කල්පනා කරන ඇය, රුපියල් ලක්ෂ හතක් පමණ වටිනා ඇයගේ රන්මාලය බැංකුවක උගස් කර තිබුණා. ඇය නිවැසියන්ට පැවසුවේ මේ මාලය නැතිවී ඇති බවයි.
කොහොම වුණත් ඇය ගැන සැක සිතූ නිවැසියන් මේ ගැන පොලිසියට පැමිණිලි කළා.
ඉන් පසු සිදුකළ විමර්ශන අතරේ, පොලිසියට ලැබුණ තොරතුරකට අනුව මේ මාලය සොයාගෙන ඇති අතර, උගස් කර ලබා ගත් මුදලින් විවාහ උත්සවය සඳහා ණයට ගත් මුදල් ගෙවා ඇති බවට පසුව ඇයගෙන් කළ ප්‍රශ්නකිරීම්වලදී සහ විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
උපුටාගැනීම: අන්තර්ජාලයෙන්
