යතුරුපැදි අනතුරෙන් දෙන්නෙක් නොඑන ගමන් යයි
මාරයා මාර්ගය මැද සැඟවී සිටින්නේ කවදාදැයි කිසිවෙකුත් දන්නේ නැහැ.
නමුත් ඒ සැඟවුණු මාරයා තවත් වටිනා තරුණ ජීවිත දෙකක් මඩකලපුව, එරාවුර් පොළොවට බිලි දී හමාරයි.
පවුලක බලාපොරොත්තුව, අම්මෙකුගේ සිහිනය සහ යහළුවන්ගේ ලෝකය එක මොහොතකින් සුනුවිසුනු වී ගිය ඒ අවාසනාවන්ත පුවත වාර්තා වන්නේ සවුක්කඩි වෙරළ මාර්ගයෙමන්.
පෙරේදා නිසල රාත්රිය මරණයේ විලාපයකින් දෙදරවා හැරියේ එරාවුර් පිළිකා රෝහල ආසන්නයේදී.
ඒ තරුණයින් තිදෙනෙකු ගමන් කළ යතුරුපැදියක් සහ TATA වර්ගයේ කැබ් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන්.
යකඩ තැලී පොඩි වී යද්දී, ඒ යකඩ අතරේම තරුණ ජීවිත දෙකක් අවසන් හුස්ම හෙළුවේ මුළු ප්රදේශයම කම්පාවට පත් කරමින්.
අනෙක් තරුණයා බරපතළ තුවාල ලබා මඩකලපුව රෝහලේ ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටිනවා.
උපුටාගැනීම: හිරුගොසිප්
