විදෙස්ගත සැමියා නැති පාලු මකන්න ගයිඩ් කෙනෙක් සමග හාද වුන බිරිදට සැමියා සහ නැන්දම්මා තරු පෙන්නයි
සැමිය විදේශ ගත වීමෙන් පසු බිරිඳ සංචාරක මග පෙන්වන්නකු සමගින් අනියම් සබඳතාවයක් පටන් ගැනීම නිසා හටගත් ආරවුලක් සම්බන්ධ පුවතක් වාර්තා වෙනවා.
නාගොඩ ප්‍රදේශයේ පදිංචි මෙම සැමියා සහ බිරිඳ අතරට අඟහිඟකම් පැමිණීම නිසා සැමියා විදේශ ගත වීමට තීරනය කර තිබෙනවා.
සැමියා විදේශ ගත වීමෙන් අනතුරුව බිරිඳ බෙන්තර ප්‍රදේශයේ සංචාරක මග පෙන්වන්නකු සමඟින් අනියම් සම්බන්ධයක් පවත්වා ගෙන ගොස් ඇති අතර එය විදේශ ගත වී සිටින සැමියාට ආරංචි වීම නිසා ඔහු කිසිවකුට නොපවසා නැවත මෙරටට පැමිණ නිවස වෙත ගොස් තිබෙන්නේ මේ සම්බන්ධය අතටම අල්ලා ගැනීමේ අදිටනින්.
පසුව බිරිඳගේ අනියම් සැමියා උපක්‍රමයක් පාවිච්චිකොට ඔහුගේ නිවසට ගෙන්වාගෙන තිබෙනවා.
එලෙස ගෙන්වා ගත් පුද්ගලයා හට නීත්‍යානුකූල විවාහයේ සැමියා සහ ඔහුගෙ මව ඇතුළු පිරිසක් එකතු වී පහර දී තිබෙනවා.
එම පහර දීමෙන් සංචාරක මග පෙන්වන පුද්ගලයාගේ දෙපාවල අස්ථි බිඳී ගොස් ඇති බවටයි වාර්තා කරන්නේ.
මේ වන විට පහර කෑමට ලක් වූ පුද්ගලයා නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන අතර පහර දුන් මව සහ පුතා ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවටයි වාර්තා වෙන්නේ.
ඔවුන් සොයා ගැනීමට මේ වනවිටත් විමර්ශනයක් ආරම්භ කර ඇති බවට පොලීසිය ප්‍රකාශ කර සිටියා.
උපුටාගැනීම: අන්තර්ජාලයෙන්
