කෑමට ලුනු දාපු දැමිල්ලට බිරිඳ දමා සැමියා කිලෝමීටර් 80ක් දුරට පැනයයි
“ව්‍යංජනයට ලුණු ටිකක් වැඩි වුණා කියලා කෑම පිඟාන අහකට කරන සැමියන් ගැන ඔබ අහලා ඇති.. ඒත් තමන්ගේ දරු පවුලම අතහැරලා කිලෝමීටර් 80ක් ඈතට පලාගිය සැමියෙක් ගැන ඔබ අහලා තියෙනවාද?”
හසලක ප්‍රදේශයෙන් වාර්තා වන මේ අපූරු සිදුවීම අද සමාජ මාධ්‍යයේ දැඩි කතාබහට ලක්වෙමින් පවතිනවා.
තමන්ට වැළඳුණු අධි රුධිර පීඩනයට (High Blood Pressure) හේතුව බිරිඳගේ “ලුණු” අතේ මහිමය කියලා තීරණය කරපු මේ 32 හැවිරිදි තරුණ පියා, බිරිඳටත් හොරෙන් තමන්ගේ ඇඳුම් පැලඳුම් ටිකත් අරගෙන යතුරුපැදියෙන් අම්පාරටම පලාගොස් තිබෙනවා.
“මෙයා එක්ක හිටියොත් මගේ ජීවිතේ අවදානමක්” කියලා හිතපු මේ සැමියා, රෝහලේ ඉඳන් ඇවිත් බිරිඳටවත් දරුවන්ටවත් වචනයක්වත් නොකියා පැනලා ගියේ බිරිඳගේ කෑම වලට තියෙන දැඩි කලකිරීම නිසාමයි.
අන්තිමට මේ ‘ලුණු රස’ නිසා කැඩෙන්න ගිය පවුල බේරගන්න ඥාතීන්ට ලොකු උත්සාහයක් දරන්න සිද්ධ වෙලා තියෙනවා.
